වෙනස් වුණු අය, යටි සිත තුළ තියන්න.

ඇත්තටම ඔයාට බැඳෙන ආදරය කරන අයව සදාකල් අමතක වීමක් සිද්ධ වෙන්නෙ නෑ. ඇත්තටම සිද්ධ වෙන දේ නම්, ඒ අදාල අය, ඊට අදාල මතක ක්‍රමයෙන් කාලයත් සමඟ යටි සිත එනම් අවිඥානය තුළ තැන්පත් වීමයි. ඒ කියන්නෙ, බැලූ බැල්මට පහසුවෙන් මතකයට ගන්න පුළුවන් තරම් තොරතුරු ප්‍රමාණයක් පේන්න නොතිබුනාට යම් ආයාසයකින් කල්පනා කලොත්, නැත්නම් ඒ අතීතය හෝ ඒ පුද්ගලයන් ට අදාල දේවල් දැකීමෙන්, ඇසීමෙන් යටි සිත තුළ තැන්පත් වුණු මතක උඩු සිතට එනම් සවිඥානයට ගන්න පුළුවන්.

අවිඥානය (Unconscious) තුළ පවතින්නේ අතීතයේ යම් කාලයක් සවිඥානය (Conscious) තුළ තිබුණු භයානක මතක, යම් දරාගත නොහැකි සිදුවීම්, කාංසාවන් ගෙන දෙන මතක වගේ දේවල්. ඒවා අපේ මනස විසින්ම අවිඥානය තුළ තැන්පත් කිරීම සිද්ධ කරන්නේ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයක් (Defence Mechanism) විදියට. මොකද, ඒ සියල්ල අපට දැනෙන මට්ටමේ එනම් උඩු සිත (සවිඥානය) තුළ පැවතීම මනසට විවිධ හාණි ගෙන දෙන්න පුළුවන් නිසා. ඒ වගේම එහි අනෙක් පැත්ත නම්, කාලයත් සමග යම් අලුත් දේවල් මනසට ලබා දීමත් සමග නිරායාසයෙන්ම පරණ මතක අවිඥානය (යටි සිත) තුළ තැන්පත් වීම සිද්ධ වෙනවා. මේ දේත් සිද්ධ වෙන්නේ, පෙර කී ක්‍රියාවලිය හා සමාන අනෙක් ආරක්ෂාකාරී පියවර ලෙස. ඒ අපේ සාමාන්‍ය මනසට ගබඩා කර ගත හැකි තොරතුරු සීමිත නිසා. ඊට හේතුව, මතක සියල්ල උඩු හිත තුළ පැවතීමෙන් මනස දැඩි විඩාවකට නැත්නම් පීඩනයකට ලක් වන නිසා.

Breakup එකක් සිද්ධ වුණු අලුත, ඒ මතක නැවුම් නිසා එ සියල්ල උඩු සිත තුළ තමයි තියෙන්නෙ. ඒ කියන්නෙ හැඟීම්, දැනීම්, වේදනාවන් එනම් චිත්තාවේගයන් ඇති කරවන්න පුළුවන් මට්ටම. ඒ නිසා තමයි සියලු වේදනාවන් සහ ඊට අදාල ප්‍රතික්‍රියාවන් සඳහා තමන් යොමු වීම සිද්ධ වන්නෙ.

සරලවම, Relationship එකක් පටන් ගන්න තැන, Breakup එකක් සිද්ධ වෙන තැන මේ සියල්ල වේදනාවක් වීම යන සියල්ල මන් මුලින් කිව්ව සවිඥානික, අවිඥානික ක්‍රියාවලිය සහ මේ දක්වා කතා කල මනසෙහි ගමන් කිරීම හා සම්බන්ධයි.

මේ හැම දෙයක්ම මනස තුළ සිදුවෙන දේවල්. පැහැදිලි කිරීම සඳහා ඉතාම සරල විදියට කිව්වත් මෙම ක්‍රියාවලිය ඉතා ගැඹුරු දෙයක්.

ඔයාට කොච්චර වැදගත් කෙනෙක් වුනත් ‍යම් විදියකින් ඔයාගෙ හිතට ක්ෂණිකව එය අදාල නොවන දෙයක් වුණොත් ඒ තුළින් දැනෙන වේදනාව අඩුයි. නමුත් මිනිස්සුන්ට පහසුවෙන් එහෙම වෙන්නෙ නෑ.

ඇත්තටම සිද්ධ වන්නේ, ඔයාගෙ හිත සාමාන්‍යයෙන් ඒ නැති වුණු දේට ඇති ඇබ්බැහි වීම මත ඕනවට වඩා වද වීම නිසා ඔයාටත් වේදනාවක් දැනෙන එක. නමුත් කලින් කිව්ව විදියට අපිට සිද්ධ වෙන ඕනම සිද්ධියක් හිත මේ විදියට ගනන් ගත්තෙ නැත්නම්, අපිට මොන දේ නැති වුණත් වේදනාවක් දැනෙන්නෙ නෑ නේද ? සමහර විට මාස ගනන් අවුරුදු ගනන් තිබුන බැඳීම් වෙන්න පුළුවන්. නමුත් අවසන් වුණු සැනින් ඒ කෙනාට වේදනාවක් නෑ. මෙවැනි තත්වයක් මනුස්සයෙක්ට ඇති නොවන තරම්.

ඔයා ආදරය කරන කෙනා මත හුරු වෙන ඔයාගෙ හිතේ සැලැස්ම, එයා නැති වුණු සැනින් බලන්නෙම එයාව ගෙන්න ගෙන අර සැලැස්ම තුළ ඔයාව රඳවගෙන දිගටම ආරක්ෂා කරන්න. නමුත් වෙනස් වෙන මිනිස්සු එක්ක ඒ අයව හිතට කොච්චර අවශ්‍ය වුණත් ඒ දේ සිද්ධ කරන්න පුළුවන්ද ? අන්න ඒ නිසා අපිත් අවශ්‍ය අවස්ථාවෙදි වෙනස් වෙන කෙනෙක් වෙන්න අවශ්‍යයි. ඒකට දැන් ඉන්න සැලැස්ම තුළ ඉඳන් වෙනම සැලැස්මකට මනස හුරු කරන්න අවශ්‍යයි. ඊට යම් කාලයක් ගත වෙනවා. සරලවම උඩු හිත තුළ ඇති මතක යටි හිත තුළ තැන්පත් කිරීම. ඒ නිසයි බැඳීමක් අවසන් කරමින් එයින් මානසිකව ඉවත් වෙන්න අවශ්‍ය වටපිටාව සකස් කලත්, Breakup Pain එක අඩු වෙන්න කල් ගත වෙන්නෙ.

ඒ නිසයි, Breakup එකකින් පස්සෙ..

  • එයාව මතක් වෙන සියල්ල ඉවත් කරන්න.

  • වෙන අය එක්ක අදාල සිද්ධිය ගැන කතා කරන එක නවත්වන්න.

  • අලුත් දේවල්, වෙනස් දේවල් කරන්න.

  • අලුත් මිනිස්සුන්ව ඇසුරු කරන්න

වගේ දෙවල් කියන්නෙ. සරලවම කිව්වොත්, මේක තමයි හරි විදියට No Contact follow කිරීම කියන්නෙ.

මේ තුළින්..

- සවිඥානික (Conscious) කරුණු නැවත යාවත්කාලීන නොවීමත්,

- සවිඥානික මතක අවිඥානික (Unconscious) කිරීමට අවශ්‍ය කාලය, වටපිටාව සහ නව තොරතුරු මනසට ලබා දීමත්, සිද්ධ වෙනවා.

නැත්නම් සිද්ධ වෙන්න අර මතක වල හිර වෙලා දීර්ඝ කාලයක් මැරි මැරී උපදින්න. එහම දුක් විදින මිනිස්සු කොච්චරනම් ඉන්නවද.

අපේ ජීවිත කාලය තුළ අපි නොදන්නවා වුණාට මේ වගෙ අපි ලොකුවට කණගාටු වෙන සමහර සිද්ධි එක පාරට එක වෙලාවක ගානක් නැති වෙනවා. සමහර වෙලාවට නිදාගෙන නැගිටිකොට අර කලින් තිබ්බ පසුතැවීම නෑ. එහෙම අත්දැකීම ඔයාටත් ඇති. ආදරයෙදි මේ දේ මෙහෙම සිදු වෙන්නෙ නෑ. ඒ ඇබ්බැහි වීමක් සමග එය සිද්ධ වන නිසා.

ඉතින්, මෙහි සාරාංශය තමයි මනස තුළ ක්‍රියාත්මක වන යම් ක්‍රියාවලියක යම් වෙනස් කමක් සිද්ධ වුණු ගමන් අපිට කොච්චර වැදගත් දෙයක් වුණත් වැදගත් නොවී යන්න පුළුවන්. නොදැනී යන්න පුළුවන්. සමහර තැන් වලදී මෙම ක්‍රියාවලිය අපිම වෙනස් කරගන්න අවශ්‍යයි. ඒකට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. මිනිස්සු හිත, හදවත කියන වචන පාවිච්චි කලාට මේ සියල්ල මනස විසින් සිද්ධ කරන දේවල්. මොලය තුළ තියන එක් යම් ක්‍රියාවලියක් හරියට වැඩ කරන නිසා තමයි අපිට මේ දුක ඇති වෙන්නෙ. බැඳීමකින් ක්ෂණිකව වෙන් වෙන්න බැරි වෙන්නෙ.

හිතන්න, අපේ හිත අපිට පාලනය කරන්න බැරි කොට වෙන කෙනෙක්ගෙ හිතක් අපේ වෙන්න කියල හිතනවා නම්, ඒක හරියට මේ විශ්වයේ අනන්තයක් හොයනවා වගේ අණුවන ක්‍රියාවක්. සිද්ධ කරන්න අවශ්‍ය මොන බැඳීමක් තුළ හිටියත්, එය ඕනම මොහොතක ඉවත් වී යා හැකි බව අවබෝධ කරගෙන තමන්ගේ දියුණුවට, සෞඛ්‍යට, හැකියාවන් ට මුල් තැන දී කටයුතු කිරීමයි.

සමහර වෙලාවට වෙනස් වෙන කෙනා දන්නෙත් නෑ ඇයි එයා මෙහෙම වෙන්නෙ කියන දේ. ඒ අවස්ථාවට මොනාවා හරි හිතට එන දෙයක් කියන එක තමයි සිද්ධ කරන්නෙ. ඉතින් ආදරය කරද්දි අනපේක්ෂිත සිදුවීම් වල යම් තැන් එහෙම තේරුම් ගන්න යනවා කියන්නෙත් ඒක නිෂ්ඵල දෙයක්. එයා වෙනස් වෙන්නෙ කොතනද ඒ දේ සැලකිය යුතු කාලයක් දැනෙන්න සිද්ධ වෙනවා නම්, එතනින් අයින් වෙන එක එනම් මනස පුහුණු කරලා පාලනයෙන් ඉන්න එක අනාගතයට වටිනවා. මොකද, තමන්ට තමන්ගෙම ගමනක් තියන නිසා සහ ඒක ජීවිත කාලයටම වටින නිසා.

බැදීම් වලින් පීඩාවට පත් වීම හැමදාම සිදුවන දෙයක්. මෙහි අතුරු ප්‍රතිඵල බහුලයි. මෙම ලිපි වල මූලික අරමුණ බැඳීම් වලින් පීඩාවට පත් වුණු අයට අවශ්‍ය පොදු උපදේශන ලබාදීම, මනස සම්පූර්ණ සුව කරමින් ඇබ්බැහි වුණු මානසිකත්ව වෙනස් කරවීම, විෂ සහිත බැඳීම් වලින් ඉවත් කරවීම සහ සාර්ථකව බැඳීමක් පවත්වා ගෙන යාම ආදී මේ ආදර සබඳතා හා බැඳීම් වලට අදාල මනෝවිද්‍යාත්මක දැනුම, අවබෝධය සහ පුහුණු කිරීම් සමාජ ගත කිරීමයි.

- නන්දිමාල් එදිරිසූරිය

Nandimal Edirisooriya

I am Nandimal Edirisooriya, Sri Lanka's first and only Relationship & Breakup Expert, also known as a Relationship & Breakup Coach. I provide psychological insights to help individuals quickly overcome the pain of relationship challenges.

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.


© 2024 nandimaledirisooriya.com

All Rights Reserved

Website Developed By 360Digital

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.

© 2024 nandimaledirisooriya.com - All Rights Reserved

Website Developed By 360Digital