බැඳීමක් බිඳ වැටෙන්න විවිධ හැසිරීම්, සිදුවීම් බලපානවා. යම් කෙනෙක් ගැන ආදරය කියන දේ ඇති වෙන්න ආකර්ෂණය අවශ්‍යයි. තමන් ආකර්ෂණය වුණු සහ තමන් ඇබ්බැහි වුණු කෙනෙක්ගෙන් ඉවත් වෙන්න නම්, මනසට සිද්ධ විය යුතු යම් ක්‍රියාවලියක් තියනවා. එම ක්‍රියාවලිය සිද්ධ වෙන්න, එනම් “මට තවත් මේ කෙනා එපා” කියන ස්ථීර තීරණයකට එන්න ප්‍රධානම හේතුව තමයි “අකාරෂණය බිඳ වැටීම” (Attraction Fading) කියන්නෙ. මෙහිදී එක් අයෙකුට මේ දේ මුලින්ම සිද්ධ වෙනවා.
ඇයි එයාගෙ ඉවත් වීම, වෙනස් වීම දරාගන්න අපහසු.
ඊට අදාල සරලම හේතු ටික මුලින් කියන්නම්. එකක් ඔවුන්ට අත්දැකීම් අඩුකම. ගොඩක් වෙලාවට අපි බැලුවොත් ඒ අවස්ථාවට මුහුණ දෙන එක ඔවුන්ගෙ පළවෙනි, දෙවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. ඊට කලින් ජීවිතය තුළ මේ වගේ අත්දැකීමකට මුහුණ දී නැති කම හෝ මුහුණ දුන්නත් එයින් මග හැරෙන විදිය ගැන අත්දැකීම් මදිකම වෙන්නත් පුළුවන්.
මේ සියල්ලටම වඩා කවුරුත් නොහිතන ප්‍රධානම හේතුව.
කොපමණ අත්දැකීම් ලැබුවත් ඇබ්බැහි වීමකදී අවබෝධයෙන් තීරණ ගැනීමේ ප්‍රතිශතය අඩු වීමත් නිරාසයෙන්ම මනස තමන්ගෙ පාලනයෙන් බැහැරව ගමන් කිරීමේ ප්‍රතිශතය අධික වීමත් තමයි මේකට ප්‍රධානම හේතුව.
එනම්, කොච්චර අත්දැකීම් තිබුනත්, කොච්චර වෙන්වීම් වලට මුහුණ දී තිබුනත්, කොච්චර අනිත් අයට උපදෙස් දෙන කෙනෙක් වුණත්, මොන විදියේ වයස් මට්ටමක හිටියත්, මොන විදියේ අධ්‍යාපන මට්ටමක්, මොන විදියේ සමාජ මට්ටමක්, මොන විදියේ වෘත්තීයක නියැලෙන කෙනෙක් වුණත්, මේ කිසිවක් ඒ අවස්ථාවට මුහුණ දෙන්න එනම් වේදනාවෙන් ගැළවෙන්න බොහෝ විට ප්‍රයෝජනයට ගන්න බෑ.
ඇබ්බැහි වීමක ස්වාභාවය එයයි. මෙහිදී බොහෝ දෙනෙක්ට දරාගන්න අපහසු කාල සීමාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හැම කෙනෙක්ටම යථාර්ථය තේරුම් ගෙන හිතන තැන වෙනස් කරලා යම් කාලයක් මනස පුහුණු කිරීමෙන්ම තමයි තමන් ඇබ්බැහි වුණු කෙනෙක්ගෙන් ඉවත් වෙන්න සිද්ධ වෙන්නෙ.
මෙතනින් කතාව හරියටම පටන් ගත්තොත්..
මිනිස්සු වෙනස් වෙනවා. අපිත් එහෙමයි. මේ ලෝකය තුළ නොවෙනස්වන දෙයක් නෑ. ඉතින් මේ ආදරේදි ගොඩක් අය හිතන දේ තමයි “මගේ, මට අයිති වුනා කියන එක “ ඔයා පිටින් රන්ඩු කලත් හිත යට අර දේ තැන්පත් කරගෙන ඉවරයි, ඒ කියන්නෙ ඒ කෙනාගෙ හැඟීම්, ආදරය, ආකර්ශණය ඔයා ඔයාගෙ සම්පූර්ණ පාලනයට මුසු කරලා ඉවරයි. ඒක වෙන්නෙ දින පතා සැලකිය යුතු දින ගනනාවක් ඒ පුද්ගලයා ගැන නොකඩවා සිතීම සහ බලපොරත්තු ගොඩ නගා ගැනීම මගින්. මෙහෙම කලාම අපිට නොදැනීම හිත මේ දේට අනුගත වෙනවා. හිත ඔයාට ඕන, ඔයා ආස කරන දේ එක්ක ජිවත් වෙන්න අවශ්‍ය මොලයේ රසායනික ක්‍රියාවලිය ආරම්භ කරනවා.
දැනුම, බුද්ධිය සහ හැඟීම් කියන්නෙ වචන 3 ක්. යම් කෙනෙක් ඉන්න පුළුවන් ගොඩක් ලොකු දැනුමක් තියන නමුත් මත්ද්‍රව්‍ය නිති පතා අවශ්‍ය කෙනෙක්. ඔහු දැනුවත් පුද්ගලයෙක් වුණාට ඔහුට අවබෝධයක් නෑ දිනෙන් දින එයාව පිරිහීමට ගෙනයන ඒ පුරුද්ද නතර කරන්න. මොකද එක පාරක් හිතට ආස කරන දෙයක් දුන්නම එහි හරි වැරද්ද ස්වයංක්‍රීයව අද්‍යනය කරලා හඳුන ගෙන මනස විසින් ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. නමුත් මිනිසෙක්ට තියනව හිතීමේ ශක්තියක් සහ හිතට එන හැඟීම් එක්ක තර්ක කරමින් මුල් අවස්ථාවේදීම දේවල් නතර කර ගැනීමේ හෝ ක්‍රියාත්මක කිරීමේ හැකියාවක්. හැබැයි ඒක හරි විදියට අවශ්‍ය අවස්ථාවේ අවබෝධයෙන් සිද්ධ කල යුතු වෙනවා. බැඳීම් කියන්නෙ එතනින් ප්‍රධානම එකක්. පිරිමි අයට සාපේක්ෂව වැඩුනු ගැහැනු අය ඇබ්බැහි වෙන්නෙ වැඩිපුරම ඒ තමන්ට දැනෙන බැඳීම් වලට පමණයි. බහුතරය එසේ වුණත් සුළුතරයක් ගැහැනු අය එහෙම නොවෙන්න පුළුවන්.
ඉතින් මේ ආදරය හෝ ආසාව කියන්නෙත් නිසි අවබෝධයකින් තොරව අදි මාත්‍රයෙන් ගත්තොත් ඇබ්බැහි වෙන, සැපයුම නැවතුනොත් ජීවත් වීම අපහසු කරවන තරම් මත් පෙත්තක්ම තමයි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු කෙනෙක්ට ඒ දේවල් නැතුව ජීවත් වෙන්න අමාරු හා ඊට මදක් වෙනස් නමුත් ඒ වගේම දෙයක් තමයි මේ ආදරය සහ ආසාව.
ඇබ්බැහි වීම නිසා තමයි ආදරය කරන කෙනා මොන වැරද්ද කලත් ඔයාට බැඳීම නවත්වන්න තරම් ශක්තියක් නැති වෙන්නෙ. නැවැත්වුවත් හිතින් දුක් විදින්නෙත් ඒ නිසාමයි. කාටත් නොපෙනෙන්න හොඳින් ඉන්නවා වගේ පෙන්නගෙන හිතට එන විවිධ දේවල් තුළ නිමක් නැතුව ගමන් කරමින් දුක් විඳින්නෙත් ඒ ඇබ්බැහි වීම නිසාමයි. සමහර අය දන්නවා එයා මේ ලෝකෙ නරකම දේ කරලා ආවත් මට එයා නැතුව ඉන්න බෑ කියලා. ඒ හිත එයාට හදලා පෙන්නන කෘතීම ලෝකය. මේ දේත් ඔයාව ගෙනියන්නෙ විනාසයට, මත්ද්‍රව්‍යයක් කරන්නෙත් ඒ දේම තමයි.
යම් කෙනෙක් තුළ ඇති එයාගෙ ආවේනික දේවල් වලට ඇබ්බැහි වුණාම, යම් දවසක ඒ කෙනා ඔයාට ඒ දේ ලබා දෙන සීමාවෙන් ඉවතට ගියාම ඔයාට ඒ ලැබෙන සැපයුම ඇනහිටිනවා. ඒ විදියට, එහෙම දෙයක් සිද්ධ වෙන්න යනවා කියලා දැනෙන මොහොතේ ඉඳන් මනස ඔයාව විකෘති කරනවා. මොකද, ඒක නැතුව එදිනෙදා කටයුතු (Daily Routine) කර ගන්නවා කියන දේ මනසට හිතාගන්නවත් බැරි නිසා. මුල ඉඳන් ඔයා ඒ දේ නොකඩවා මනසට දීලා එයා අධිකව අවශ්‍ය සාදකයක් වීම (Addiction) තමයි ඊට හේතුව. මේ වෙලාවෙ ආදරය කියන වචනෙ කිව්වට හැම කෙනාම දුක් විඳින්නෙ මනසට අවශ්‍ය සැපයුම නොකඩවා දෙන්න. එනම්, ඒ මනස විසින් හැඟීම් විදියට ඒ දේ ගන්න ඔයාව විඩාවට පත් කරවන නිසා. එවිට කරන්න පුළුවන් සියලු දේ මනස විසින් කරන්න උත්සහා දරනවා,
- මෙතෙක් නිතර එයා තුළ නොදැකපු ලස්සන, ගුණාංග මවලා පෙන්වීම.
- ඒ කෙනා තව කෙනෙක්ට ළං වෙයි කියන බය සහ ඊර්ෂ්‍යාව ඇති කරීම.
- කේන්තිය ඇති කරවීම.
- සියල්ලන්ගෙන්ම ප්‍රතික්ෂේප බව සහ තමන් දුර්වලයෙක් බවට අඟවන්න උත්සාහ කිරීම.
- අප්‍රාණිකත්වය, අලස බව සහ යම් දෙයක් තුළ අවධානය පවත්ගෙන යාමේ නොහැකියාව.
මේ හේතුවෙන් ඔයාට පරණ මතක ගොඩාක් නොනවත්වා හිතට එන්න පටන් ගන්නවා. මොකද, මන් කිව්වා වගේ හිත කරන්න පුළුවන් හැමදේම කරන්නෙ ආයෙ ඒ කෙනා ඔයාගෙ කර ගන්න සහ ඔයාගෙ Body Process එක හුරුවෙලා තියන ඒ පෙර ක්‍රියාවලියට නැවත ඔයාව යොමු කර වන්න. ඉතින් මේ හේතුවෙන් පරණ දේවල් මතක් කරමින් දුක දෙගුණ තෙගුණ කරලා ඔයාව අන්ත අසරණ කරන්නෙ ඔයාගෙ හිතම තමයි. විටෙක ජීවිතය නැති වෙන්නම කෙනෙක්ව තල්ලු කරන්න උත්සාහ කරන්නෙ, එයාගෙ ඒ හිතම තමයි.
Breakup Pain එකක අදියර කිහිපයක් තියනවා. මෙහි කල් ගත කරන කිහිප දෙනෙක් මේ අවසාන Step එකට (Suicide) එන්න උත්සහා කරනවා. ඉතින් මේ මොහොත කළමනාකරණය කර ගන්න පුළුවන් නම් වටින ජීවිත කීයක් බේරෙයි ද ? එහෙම නැති වුණ ජීවිත කීයක් අද ජීවත් වෙයි ද ? අන්ධ මානසිකත්වයේ ඉද්දි තමන් දන්නෙ නෑ හිතට ඕන Order එකක් තමන් කරන බව. මේ අවස්ථාව මගහැර ගන්න පුළුවන්. ඒක 100% ක් සාර්ථකව කළ හැකි දෙයක්. එවැනි මොහොතක ඔයාට දැනෙන තව දෙයක් තමයි මේ ජීවිත කාලය තුළ කවදාවත් එයා නැතුව ඉන්න බෑ, එයාගෙ මතක අමතක කරන්න බෑ සහ මේ වේදනාවෙන් ගොඩ එන්න බෑ කියන එක. ඒක අමූලික බොරු හැඟීමක්. ඔයා ආදරය කල කෙනා කොච්චර සුවිශේෂ වුණත් ඔයාට ඔය මානසිකත්වයෙන් මිදෙන්න පුළුවන් බව මතක තියා ගන්න.
මන් කලින් කිව්වා වගේ මිනිස්සු වෙනස් වෙනවා, එතකොට මේ වෙනස් වෙන මිනිස්සුන්ගෙන් ඔයාට මේ ආදරය හෝ ආසාව නොවෙනස්ව ගන්න පුළුවන්ද ? වෙනස් වෙන දේකින් නොවෙනස් වන දෙයක් ලැබෙන්නෙ නෑ, දෙපාර්ශවයම අවබෝධයෙන් අදාල දේ සිද්ධ කරන්නෙ නැත්නම්. මන් කියන්නෙ ආදරය කරන්න එපා කියල නෙමෙයි. සත්‍ය එනම් යථාර්ථය වටාහගෙන ඒක හරි අවබෝධයෙන් කරන්න කියලා. මිනිස්සුන්ගෙ වෙනස්වීම් පිලිබඳ අවධානයෙන් ඉන්න. කලින්ම මේ සූදානම ඔයා තුළ තියනවා නම්, තමන්ට වෙනම ගමන් මාර්ගයක් තියනවා නම්, අනපේක්ෂිත වෙන්වීම්, වෙනස්වීම් වලදි මානසිකව පහලටම වැටෙන්නෙ නෑ. ඉක්මනින් සිදුවීම තේරුම් අරගෙන හිත වෙනස් කර ගන්න පුහුණු වෙන්න. මේ දේවල් හරියට තේරුම් ගන්න පුළුවන් වුණොත්, ඔයාට ඉක්මනින් ඒ හිතන තැන වෙනස් කරන්න පුළුවන්. ඔයාට වගේම මේ වගේ ප්‍රශ්න වලින් පීඩා විඳින ඔයා දන්න හැම කෙනෙක්ට ම මේ දැනුම, අවබෝධය දෙන්න. මේ ගැන කියන්න. ජීවිතයක් දුකින් මුදවන්න සහ ජීවිතයක් රැකගන්න ඔයාටත් පුළුවන් වෙයි.
– නන්දිමාල් එදිරිසූරිය

Nandimal Edirisooriya
I am Nandimal Edirisooriya, Sri Lanka's first and only Relationship & Breakup Expert, also known as a Relationship & Breakup Coach. I provide psychological insights to help individuals quickly overcome the pain of relationship challenges.
Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.
© 2024 nandimaledirisooriya.com
All Rights Reserved
Website Developed By 360Digital
© 2024 nandimaledirisooriya.com - All Rights Reserved
Website Developed By 360Digital