ළං වීමක් සහ වෙන් වීමක් තුළ, ඔයාගෙ මනසට සිද්ධ වෙන දේ ?

බැඳීමක් ඇති කරගත්තා වගේම එතනින් යම් පිරිසකට යම් අනපේක්ෂිත සිදුවීම් නිසා දිනක වෙන් වීමකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් තමන් ආදරය කරන කෙනාගෙ වෙනස් වීමකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඇත්තටම තරුන වයසෙ මේ වගේ අත්දැකීමකට මුහුන දෙන බොහෝ දෙනෙක්ට මේ අත්දැකීම හරියට කළමනාකරණය කරගන්න අපහසුයි. කෙටියෙන්ම කිව්වොත් ඒක දරාගන්න බෑ.

මොකක්ද මේ ආදරය (Love) කියන්නෙ ?

අපි ආස කරන කෙනෙක් වෙනුවෙන් මොලයේ සිද්ධ වෙන රසායණික ක්‍රියාවලියක ආරම්භය තමයි මේ ආදරයක් දැනුන විදියට නිර්වචනය කරන්නෙ. මේක දීර්ඝ කලීනව මනසට ලබා දීමෙන් නැතුව බැරි තැනට පත් වෙන දෙයක්. එනම් ඇබ්බැහි වීමක්. මත්ද්‍රව්‍යයක් දිගු කාලීන පාවිච්චිය වගේ තමයි. මේක ආදරය කියල හිතලා, යම් තැනක ආසාව නිසාත් ඇතිවෙන දෙයක්. යම් විටක, හරියට මෙම ක්‍රියාවලිය යම් කෙනෙක් නිසා ඇති වුණොත්, එයාට අදාලව දීර්ඝ කාලයක් මෙම ක්‍රියාවලිය නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම අපි කලින් ගතකල සමාන්‍ය ජීවන රටාවත්, මේත් සමග වෙනස් වෙනවා. එනම් ඊට අනුගත වෙනවා. තමන්ට ඒක දැනෙන්නෙ නෑ. නමුත් කැමත්ත නිසා කෙනෙක්ට ළං වුණාම ඊට කලින් ජීවිතයට වඩා පසු ජීවිතය සම්පුර්ණ වෙනස්. දිනෙන් දින මේක වෙනස්ම අතකට තමන්ට නොදැනීම ගලාගෙන යනවා.


යම් කෙනෙක් ගැන, ඒ දැනෙන සුවිශේෂී හැඟීමක් තමයි ආදරයක් විදියට හඳුන්වන්නෙ. මේහි ආරම්භය තමයි තමන්ට එයා තුළ පෙනෙන්නට තියන ආකර්ෂණය ඇති කරවන දෙයක් හෝ කිහිපයක අදාලත්වය. උදාහරණ විදියට..

  • පෙනුම.
  • කටහඩ.
  • වචන හසුරවන විදිය.
  • හැසිරීම.
  • සොයා බැලීම්.
  • ආරක්ෂාව.
  • අවධානය ලබා දීම්.
  • හැකියාවන්.
  • ජනප්‍රියතාවය.

ආදී එයා තුළ තියන මොනයම් දේකට හෝ කිහිපයක් නිසා තමයි එයා ගැන ආකර්ෂණයක් හට ගන්නෙ. ඊට පස්සෙ තමයි එතනින් ගත්ත ආරම්භය එයාගෙ අනෙකුත් දේවල් ද සුවිශේෂී කරගනිමින් ඉදිරියට යන්නෙ. ඒ කියන්නෙ, තමන් කැමති කෙනාගෙ බහුතරයක් දේවල් වලට යම් ප්‍රතිශතයක් හෝ ක්‍රමානුකූලව තමන් ආකර්ෂණය වීමක් සිද්ධ වෙනවා. ඒ සියල්ල තමන්ට සුවිශේෂී වෙනවා.

එතකොට, ඒ කෙනා වෙනුවෙන් කැප වෙන්නෙ ඇයි ?

තමන්ට මානසික තෘප්තිමත් බවක් ගෙන දෙන දේට තමන් සියල්ල සිද්ධ කරනවා. ඇතැම් විට එයා තුළ ගත යුත්තක් නෑ කියලා දැන දැනත් එයා වෙනුවෙන් කැප කිරීම් සිද්ධ කරන අය ඉන්නවා. ඇබ්බැහි වුනාට පස්සෙ මොන තරම් ඒ කෙනාගෙ වැරදි අඩුපාඩු දැක්කත්, මේක තේරුමක් නෑ කියන දේ අවබෝධයෙන් දැක්කත්, එතනින් ඉවත් වෙන්න බෑ. හිත තවමත් අර ආකර්ෂණය පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. මොකද මනස සහ ශරීරය ඒ පුද්ගලයාගෙ Unique Feelings මතින් යැපෙන විදියට දැනටමත් හැඩ ගැසී ඇති නිසා. හරියටම, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්ට සිද්ධ වෙන ක්‍රියාවලිය හා සමානයි.

මේ Breakup එකකදි මොකක්ද වෙන්නෙ, අපිට මේක වේදනාවක් විදියට දැනෙන්නෙ ඇයි ?

කලින් කිව්ව ක්‍රියාවලිය නොකඩවා මේ අසාව හෝ ඒ දැනීම නිසා සිද්ධ වෙනවා. දිනෙන් දින ඒ ගැන නොකඩවා හිත යොමු කිරීමෙන් ඊට අදාල හැඟීම් සහ තොරතුරු මනස තුළ ගබඩා කර ගන්නවා. මෙම ක්‍රියාවලිය එක්කම තමන්ගෙ ජීවිතයද ඊට හුරු වීම සිද්ධ වෙනවා. මේ අතර වාරයේදී නොහිතන මොහොතක, නොහිතන විදියට යම් හේතුවක් නිසා ඒ කෙනා ඈත් වෙන බවට මොලයට ස්ථීර පනිවිඩයක් යනකොට, ඔයාගෙ මොලය පණිවිඩයක් දෙනවා, ඒක නැතුව ඔයාට ඉන්න බෑ කියලා. මොකද මේ වෙනකොටත්, ඔයාගෙ මානසික හා කායික සම්පූර්ණ සැලැස්මට මේ මොලයේ රසායනික ක්‍රියාවලිය අදාල වෙලා තියන නිසා. එ කෙනා ඈත් වුණු විගස එම ක්‍රියාවලිය නතර කරලා ඔයාව කලින් හිටපු කෙනා බවට පත් කරන්න මොලයට අපහසුයි. සරලවම ඔයා ඒ ආදරය කරන කෙනා මතින් යැපෙන සැලැස්මකට හුරු වෙලා ඉවරයි. එවිට ඔහු හෝ ඇය ඔයාගෙන් ඉවත් වුණු විගස ඒ හුරු වුණු සැලැස්ම තුළ ජීවත් වීම අපහසු වෙනවා.


එතකොට, මෙම අවස්ථාව තුළ ඔයාව සාමාන්‍ය තත්වයට ගන්න මනසට විකල්ප 2 ක් තියනවා.

  • එයාව නැවත හරි විදියට ඔයාට ළං වීමට සැලැස්වීම හා පෙර කී ක්‍රියාවලිය දිගටම (Continue) පවත්වාගෙන යාම.
  • සම්පූර්ණ ඒ කෙනා මත යැපෙන ඇබ්බැහි වුණු මානසිකත්වයෙන් ඔයාව නිදහස් කරලා පෙර කී ක්‍රියාවලිය නැවැත්වීම. (වෙනම සැලැස්මකට මනස හුරු කිරීම.)

නමුත්, මෙම අවස්ථාව තුළ මනසට පහසුම දේ තමයි ඔයාව නැවත ඒ කෙනාට ඉක්මනින් ළං කරලා මේක Continue කරන එක. මොකද 2 වෙනි කරුන වගේ සම්පූර්ණයෙන්ම ඒ දෙයින් ඉවත් කිරීම යන දේ ටිකක් සංකීර්ණ කල් යන දෙයක් නිසා මෙන්ම ඒකට නිසි මානසික පුහුණුවක් අවශ්‍ය වන නිසා. ඉතින්, මේ හේතුවෙන් මොලය නිතරම ඔයාව විඩාවට පත් කරනවා, ඒ එයාව නැවත ලබා ගන්න බල කරන විදියට. ඒ කියන්නෙ මනසට පහසු පළවෙනි දේ සිද්ධ කරන්න. සරලවම මේ දේ තමයි ඇබ්බැහි වීමක් විදියට අපි දකින්නෙ.


මේ අවස්ථාවේදී..


එයා ගැන මතක / පෙනුම / කතා විලාශය / ගතිගුණ ආදී ඔහුට හෝ ඇයට අදාල සියලූම දේවල් නිති පතා ඔයාට මතක් කරවීම සහ ඔයාට ඒ දේවල් මතකයට එන සම්භාවිතාවය කලින්ට වඩා අධික ලෙස වැඩි කරවීම සිද්ධ වෙනවා. දකින, ඇහෙන ඇතැම් දේවල් ඔහුට හෝ ඇයට අදාළ කරන්න මනස උත්සාහ දරනවා. මේ දේ තමයි Breakup එකකදි වේදනාවක් විදියට මතුපිටට එන්නෙ.


සරලව මෙම ක්‍රියාවලිය කොච්චර දරුණු ද කිව්වොත්..

  • අහාර අනවශ්‍යතාවය සහ ඇතැම් විට පාලනයකින් තොරව ආහාර ගැනීම.
  • නින්ද අනවශ්‍යතාවය සහ රෑ මැද ඇහැරීම.
  • නිදාගෙන අවදිවනවිට පවතින නීසර අප්‍රසන්න හැඟීම්.
  • පවුලේ අය සමග අනවශ්‍ය අධික කේන්තිය.
  • කලින් තමන් ආස කල ආදරය කල දේවල නීරස වීම.
  • අප්‍රාණිකත්වය.
  • සැලසුම් බලාපොරොත්තු නොමැතිවීම.
  • ජීවිතය අප්‍රිය වීම සහ සියදිවි හානි කරගැනීමේ සිතුවිලි.

ආදිය ඇති කරවමින් ජීවිතය නැති වෙන තැනටම මේ දේ Serious Breakup එකකදි සිද්ධ වෙන්න පුළුවන්. සරලවම විෂාද තත්වයක් හෝ ඊට ආසන්න තත්වයක් ඇති වෙන්න පුළුවන්.


මේ වෙලාවෙ දී හිත කරන Circulation එකට අහු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එතනදි, මේ වේදනාවෙන් ගැළවෙන්න තමන්ට කරන්න තියන එකම දේ විදියට ගොඩක් දෙනා කරන්නෙ පුළුවන් තරම් ඒ කෙනාව නැවත ළං කර ගන්න උත්සහ කරන එක, නැතහොත් වෙනයම් හානිකර දෙයක් තමන්ට හෝ අනුන්ට සිද්ද කරන්න උත්සාහ කරන එක. ඇතැම් විට ජීවිතයෙන් වන්දි ගෙවන්න හදන එක. මේක එක එක්කෙනාට බලපාන විදිය වෙනස්.


මේ හේතුව නිසා එනම් Breakup එකකින් පස්සෙ..

  • කරපු කැප කිරීම් හෝ තමන්ගේ සාධාරණත්වය නිසා ඇති වෙන තරහ, බැන වැදීම්, අන් අය සමග මේ පිළිබඳ කතාබහ.
  • දුක, සමාව අයදීම , දිගු කෙටි පනිවිඩ හා ඇමතුම්.
  • නොනිදා නිරාහාරව සිටීම.
  • සුළු හෝ විශාල වශයෙන් තමන්ගෙන් පළි ගැනීමට තැත් කිරීම.

ආදිය ඇතුළු තවත් දේවල් සිද්ධ වෙනවා.


ඉතින් ඔයාට කල්පනා කරන්න පුළුවන් ඔයා දැන් ඉන්නෙ මොන වගේ තැනකද කියලා. නමුත් මේ මොන තැන හිටියත්, ඔයා ආදරය කරපු කෙනා මේ ලොකෙ ඉන්න හොදම කෙනා, ලස්සනම කෙනා වුණත්. ඔයාට 100% ක් සම්පූර්ණ සුවය ලබන්න පුළුවන්. ඒ කියන්නෙ එයාගෙ මතක වලින් කිසිදු බලපෑමක් නොවන තරමට මනස වෙනස් කර ගන්න පුළුවන්.

මේ වේදනාවෙන් මිදෙන්න කරන්න අවශ්‍ය මොකක් ද?

මගේ මනස තුළ සිද්ධ වෙන්නේ මොන වගේ දෙයක්ද කියන අවබෝධය ලබා ගැනීම. ඉන් පසුව, මේ බැඳීම පිළිබඳ, එහි අවසානය පිළිබඳ යථාර්ථය තේරුම් ගැනීම. ඒ කිසිම දෙයක් නොදැන Method එකක් Follow කරන්න බෑ. මේ සියල්ල තේරුම් ගෙන තමන්ගෙ සබඳතාවයට හරි අවසානයක් නොදී මේ කිසිම දෙයක් කරලා තේරුමක් නෑ. අවසානයක් කියලා අදහස් කලේ තමන් හරියට එතනින් ඉවත්වීම සහ 100% ක් හරි විදියට No Contact වලට පැමිණීම.


එතකොට මානසිකව ඉවත් වෙන්න අවශ්‍ය මූලික අත්තිවාරම එතනින් ගොඩ නැගෙනවා. ඒත් එක්කම No Contact Follow කිරීම මගින්, නිසැකවම එතනින් මානසිකව ඉවත් වෙන්න පුළුවන්. ඒ මූලික අවබෝධය ලබා දීම තමයි මෙම ලිපියේ අරමුණ.


Relationship & Breakup ගැන අවශ්‍ය මනෝවිද්‍යාත්මක දැනුම අවබෝධය සියල්ල ඔයාලට, මේ ලිපි මගින් සහ මගේ Videos මගින් ලබා ගන්න පුළුවන්. ඒ තුළින් තමන්ට ම ආවේනික සැලැස්මක් හදාගෙන ඒ මානසිකත්වයෙන් නිදහස් වෙන්න පුළුවන්. උපදේශනයේදී ඒ අදාල අයගේ කතාවට අනුව උපදේශනයන් සිද්ධ කරනවා වගේම, බැඳීම් හා වෙන්වීම් සම්බන්ධව ඕනම කෙනෙක්ට පොදුවේ භාවිතා කරන්න පුළුවන් උපදේශනයන් (මනෝවිද්‍යාත්මක කරුණු) ඉතාම සරලව මෙම ලිපි වල අන්තර්ගත වෙනවා.

– නන්දිමාල් එදිරිසූරිය

Nandimal Edirisooriya

I am Nandimal Edirisooriya, Sri Lanka's first and only Relationship & Breakup Expert, also known as a Relationship & Breakup Coach. I provide psychological insights to help individuals quickly overcome the pain of relationship challenges.

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.


© 2024 nandimaledirisooriya.com

All Rights Reserved

Website Developed By 360Digital

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.

© 2024 nandimaledirisooriya.com - All Rights Reserved

Website Developed By 360Digital