Breakup එකෙන් පස්සෙ ඉක්මනින් තව කෙනෙක්ට ළං වුණොත් ?

සත්‍ය බැඳීමක් තුළ ඉන්නවා කියන්නෙ ඒකෙන් මනසට වෙන බලපෑම සුළුපටු නෑ. ඒක, අවසානයේ ඔයා එතන සතුටින් ස්ථාවර වෙනවද, නැත්නම් තමන්ගෙ ජීවිතය එපා වෙන තැනටම වැඩ සිද්ධ කර ගන්නවද කියන තීරණාත්මක සාධකයක් හා සමානයි. ඊට හේතුව ඇබ්බැහි වීම් සමග යන දේවල් එයාගෙ අවබෝධයෙන් සිද්ධ කරන දේවල් නොවන නිසා පාලනයෙක් බැහැරව තිබීමයි. එනම්, විෂ සහිත කෙනෙක්ට ඇබ්බැහි වුණොත් දවසින් දවස ජීවිතය ආපස්සට යනවා. ඒ වගේම තමන්ගෙ තියන හැකියාවන්, ඉලක්ක, මානසික සතුට, නිදහස, මූලික අවශ්‍යතා ආදී සියල්ල ක්‍රමානුකූලව තමන්ට අහිමි වෙලා යනවා.

එයාට ආවේනික දේවල් නැතුව බැරි වෙන්නෙ කොහොමද ?

හිතන්න සරලවම අපි කිසියම් දේකට ඇබ්බැහි වුණොත්, නැත්නම් ඒ දේ දැඩිව අවශ්‍ය ලෙස දැනුනොත්, බොහෝ විට එය අපිට නොකඩවා ලබාගන්න ක්‍රම තියනවා. මිලදී ගන්න හෝ පුළුවන්. නමුත් පුද්ගලයෙකුට ඇබ්බැහි වුණොත් ඒක Replace කරන්න කිසිම දෙයක් මේ ලෝකය තුළ නෑ. එතකොට හිතෙන්න පුළුවන් “වෙන කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගෙන එයාව Replace කරන්න බැරිද ?” කියලා.


එහෙම බැරි හේතුව තමයි, ඒ ඔයාට අවශ්‍යයි කියල දැනෙන කෙනා මේ ලෝකෙටම ඉන්නෙ එයා විතරයි. කතා බහ, පෙනුම, ආකල්ප, හැඟීම්, සහ අනෙකුත් සියලුම දේවල් එයාට ආවේනික එනම් Unique දේවල්.


හිතන්න ඔයා වගේ කෙනෙක් තවත් මේ ලෝකෙ නෑ. ඔයාට ළං වෙන කෙනෙක් ඔයාට ඇබ්බැහි වුණොත් එනම් Addict වුනොත් මේ සියල්ල එයාටත් පොදුයි.


එතකොට ඔයා ඇබ්බැහි වෙන්නෙ මේ Unique Person කෙනෙක්ට. ඒක මුදල් ගෙවීමකින් හෝ වෙනත් විදියකට යම් දෙයක් ගන්නවා වගේ ලබා ගන්න බෑ. අන්න ඒ නිසාම තමයි සත්‍ය ආදරය සබඳතාවක බිඳවැටීමක් එනම් Serious Breakup එකක් ගොඩක්ම දරුණු සහ වේදනාවෙන් අධික වෙන්නෙ. මොකද, මනස දන්නවා මේ දැනෙන අවශ්‍යතාවයට එයා හැර වෙන ආදේශක (Replacements) නෑ කියලා.


එතකොට, කොච්චර ප්‍රතික්ෂේප කිරීම් ආවත්, රැඳෙන්න සුදුසු නෑ කියල අවබෝධයෙන් තේරුනත්, පුළුවන් තරම් ඔයා ඒ කෙනා මත රැඳෙන්න උත්සාහ කරනවා, ඒ වගේම ඒ කෙනාගෙ සුළු දේකින් පවා.

  • Online හිටියම.
  • Line Busy වුණාම.
  • එයාගෙන් හිත රිදෙන වචන පිට වුණාම.
  • මුලදි තිබුන හැසිරීම් වල වෙනස් කම් සිද්ධ වුණාම.
  • එයා වෙන අය එක්ක සබඳතා ඇති කර ගන්න කොට.

මේ වගේ දේවල් වලදි ඔයා අධිකව වේදනාවට පත් වෙන්නෙ, ඔයාට අවශ්‍ය Unique දේවල් ටික ඔයාට නොලැබෙන්න හෝ වෙනස් වෙන්න යනවා කියන ස්ථීර පනිවිඩිය මොලයට යන නිසා. අනිත් පැත්තට ඒක එහෙම නොවී ඒ දේ ආරක්ෂා කර ගන්න මනසින් ඔයාට දෙන Message එක ගොඩක්ම දරුණුයි, ඒක තමයි අධික වේදනාවක් විදියට එළියට දෙන්නෙ. මොකද, ඔයාගෙ සියල්ල එයාගෙ විදියට අනුගත වෙලා තියන නිසා.


ඒක එච්චර දරුණු සහ වේදනා සහගත වෙන්නෙ, හරියටම මන් කලින් ලිපියෙදි පැහැදිලි කලා වගේ මේ සත්‍ය ආදරය සබඳතා ඇබ්බැහි වීමකට සම්බන්ධ නිසා. (සත්‍ය ආදර සබඳතාවයක් නොවුණත්, තමන් නොදැනීම ඇබ්බැහි වෙන අවස්ථා නැතුව නෙමෙයි.) මේ ක්‍රියාවලියට ගොඩක්ම මුහුන දෙන්නෙ කාන්තාවන් නැතහොත් තරුණියන්. ඊට හේතුව ඒ අය බොහෝ විට දැනෙන කෙනෙක් මත තදින් බැඳෙන ප්‍රතිශතය වැඩියි. ආකර්ෂණය මොනයම් සාධකයක් නිසා ඇති වුණත්, පසු කාලීනව අදාල කෙනාගෙ ඇතුලාන්තයේ තියන සුවිශේෂී දේවල් වලට ඒ අය මනසින් බැඳෙන ප්‍රතිශතය අධිකයි. මොකද, ඒ අය නිතරම රැකවරණය, අවධානය, තමන් වෙනුවෙන් ගත කරන කාලය වගේ පිරිමි කෙනෙක් විශේෂයෙන් හොයන්නෙ නැති දේවල් වලට ඇබ්බැහි වීමේ ප්‍රතිශතයද වැඩි නිසා.


මනෝවිද්‍යාත්මකව පැහැදිලි කරන දෙයක් තමයි, මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම් එනම් Drug Addiction සහ මේ පුද්ගලයෙක් සම්බන්ධ ඇබ්බැහි වීම් යන දෙකේදිම ඇති වන මානසික ක්‍රියාකාරිත්වය බොහෝ දුරට සමානයි. ඔයාට දැන් කෙනෙක්ව දැඩිව අවශ්‍යනම්, අහාර, නින්ද, සතුට, අනිත් වැදගත් සියල්ල ඒ වෙනුවෙන් කැප වෙලා නම් නිසැකවම වෙන කිසිම දෙයක් නෙමෙයි “ඔයා ඒ කෙනාට ඇබ්බැහි වීම සිද්ධ වෙලා තියනවා”. එහෙම වෙන්නෙ, ඔයාට මුලදි ඒ කෙනාව ආකර්ෂණය වීම සහ ඊට පසු එයාගෙ Unique Feelings එක්ක ගතකල කාලය තුළ මනස ඔයාව වෙනම සැලැස්මකට හුරු කරපු නිසයි. ඒ සැලැස්ම තුළ එයා කියන චරිතය සහ එයාට අදාල හැඟීම් මත ඔයා ජීවත් වෙනවා. අපි ආස කරන තෘප්තිමත් වෙන දෙයක් නොකඩවා මනසට දෙනකොට නිරායාසයෙන්ම මනස එය අත්‍යාවශ්‍ය සාදකයක් විදියට හදා ගන්නවා. මූලිකවම මනසත්, මනස මුල් කරගෙන කයත් එය මත යැපෙන විදියට නොදැනීම වෙනස් වෙනවා. සරලවම මේක තමයි ඇබ්බැහි වීමකදි සිද්ධ වෙන්නෙ.

ආදේශක. (Replacements)

එයාගෙ අනපේක්ෂිත වෙන් වීමක්, වෙනස් වීමක් සිද්ධ වුණාම, ඉක්මනින් වෙන කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගෙන අපිට ඒ අවශ්‍යතාවය සපුරාගැනීමට එනම් Replace කරගන්න බැරි ඇයි ?


බොහෝවිට Breakup එකක් සිද්ධ වෙලා කෙටි කාලෙකින් පටන් ගන්න අනිත් සබඳතාවයන් තාවකාලිකයි. මුල් ටිකේ කුතුහලයක් තිබුනට ඒ දේවල් කෙටි කාලයක් යද්දි සාමාන්‍යකරනය වුණාම කලින් ආදරය කරපු නැත්නම් කලින් ඇබ්බැහි වුණු කෙනාව මෙයත් එක්ක, මෙයාගෙ හැසිරීම් එක්ක සංසන්දනය වෙන්න පටන් ගන්නවා. සමහර අය දෙවෙනි කෙනා එක්ක විවාහයක් දක්වා ගියත් පෙර සබඳතාවයෙන් මානසිකව හරියට ඉවත් වෙලා නෑ. එහෙම අය පෞද්ගලික සැසි වලදී අපට ගොඩක් හමුවෙනවා.


Breakup එකකින් පසු, කෙටි කාලයක් තුළ වෙනත් සබඳතාවයක් ආරම්භ කරනවා නම්, බොහෝ විට කලින් කෙනාට තියන ඇබ්බැහි වීම මනස තුළ තියෙද්දිම තමයි මේක සිද්ධ කරන්නේ. ඒ වගේම ක්‍රමානුකූලව අලුත් කෙනාට තමන්ගෙ උපරිමය දෙන්න බැරි වෙනවා. ඒ උපරිමය ලබා දෙන්න එනම් මේ බැඳීම සාර්ථක වෙන්න, කලින් කෙනා ගැන තියන දැඩි අවශ්‍යතාවය සම්පූර්ණ මනසින් ඉවත් වෙලා අළුත් කෙනා ගැන දැනෙන්න හැඟෙන්න අවශ්‍යයි, එනම් ආකර්ෂණය වෙන්න අවශ්‍යයි. මේ දේට සැලකිය යුතු කාලයක් ගත වෙනවා. මොකද, මනස තුළ සිද්ධ වෙන මේ වගේ වෙනස්කම් දවසින් දෙකෙන් සිද්ධ වෙන්නෙ නෑ. විශේෂයෙන්ම ඇබ්බැහි වීමකදී මේක ඉක්මනින් කොහෙත්ම සිද්ධ වෙන්නෙ නෑ.


මොනයම් හෝ විදියකින් බැඳීමක් අවසන් වුණාම, හිත හරි එකඟතාවයකට රැගෙන ඇවිල්ලා, එනම් හිතන තැන වෙනස් කරලා, සැලකිය යුතු කාලයක් හරියට No Contact තුළ හිඳිමින් තමන්ගෙ දියුණුවට අවධානය දෙමින් ක්‍රමානුකූලව මනස අදාල කෙනාගෙන් ගලවන්න පුළුවන්. මාසයක් No Contact Follow කරලා, යම් ප්‍රතිශතයක් මනස ස්ථාවර කරගන්න පුළුවන් වුණත් එනම් ඒ තුළින් වේදනාකාරී මානසිකත්වය අඩු කිරීම, තමන් මතින් පමණක් මානසිකව යැපීමේ සැලැස්මට හුරු වීම සිද්ධ වුණත්, සම්පූර්ණ මානසිකත්වය ඒ කෙනාගෙන් ඉවත් වෙලා ස්ථාවර වෙන්න, එනම් ඒ අලුත් සැලැස්ම තුළ ස්ථීර වෙන්න තව මාස කිහිපයක් ගත වෙන්න පුළුවන්. ඒ කියන්නෙ, ඒ වෙනකොට එයා Healthy මානසිකත්වයකට හුරු වෙලා ඉන්නවා. එතකොට අලුතින් බැඳීමකට යන නියම මානසිකත්වයෙන්, ඇබ්බැහි වීමකට හිර නොවූ හොඳ මානසිකත්වයකින් ඊළඟ සබඳතාවය ආරම්භ කරන්න පුළුවන්. එතනින් පස්සෙ බොහෝ විට මන් කලින් කිව්ව විදියට, ඒ පටන් ගන්න අලුත් සබඳතාවය සබඳතාවය කලින් සබඳතාවය සමග සැසඳීමක් මනස තුළ සිද්ධ වෙන්නෙ නෑ. එනම් Compare වීමක් සිද්ධ වෙන්නෙ නෑ.


ඉහත පැහැදිලි කිරීමට අමතරව, සරලවම මේ දේත් කියන්නම්.

මොන තරම් ඇබ්බැහි වීමක (Addiction) හිටියත්, කොච්චර එයාගෙ වටිනාකම් පෙනුනත් ඔය තත්වෙන් 100% ක් මිදෙන්න පුළුවන්. ඒ කියන්නෙ ඒ කෙනා තව දුරටත් අදාල නොවන, එයා මත නැත්නම් ඔය දෙන්නගෙ අතීත මතක නිසා වේදනාවට පත් නොවන ගානටම බැඳීමකින් ඉවත් වෙන්න පුළුවන්. ඒකට මානසිකත්ව වෙනස් කල යුතුයි. කලින් පැහැදිලි කලා වගේ ඒ වෙනස්කම් වලට මනස හුරු කල යුතුයි. හරි විදියට ඒ දේවල් සිද්ධ කල යුතුයි. ඒ පිළිබඳ වැඩි දුර විස්තර මන් ඉදිරි ලිපි සමග ඔයාලට අරගෙන එන්නම්.


ඔයා තරුණ කෙනෙක් නම්, මේ සම්බන්ධ අත්දැකීමකට ජිවිතයේ කොතනක හරි මුහුණ දෙනවා. ඇතැම් විට කිහිප වතාවක්ම. වැඩිය කතා නොවුනට මේ ආදර සබඳතා සහ බිඳවැටීම් නිසා මනසට වන බලපෑම සාමාන්‍ය ජීවිතය සම්පූර්ණයෙන් සෘණාත්මක විදියට වෙනස් කරනවා. ඒක ධනාත්මක ආරම්භයක් කර ගන්න හැම කෙනෙක්ටම පුළුවන්. Relationship & Breakup ගැන දිනපතා ඔයාට අවශ්‍ය දැනුම මේ ලිපි වලින් ලබා ගන්නත්, එයින් තමන්ට වගේම නිකරුනේ නාස්ති වෙන ජීවිත නිවැරදි මාවතට යොමු කරන්නත් මේ දේවල් උපයෝගී කරගන්න. තමන්ගෙ ජීවිතය වටින බව නිතරම සිහියට ගන්න

– නන්දිමාල් එදිරිසූරිය

Nandimal Edirisooriya

I am Nandimal Edirisooriya, Sri Lanka's first and only Relationship & Breakup Expert, also known as a Relationship & Breakup Coach. I provide psychological insights to help individuals quickly overcome the pain of relationship challenges.

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.


© 2024 nandimaledirisooriya.com

All Rights Reserved

Website Developed By 360Digital

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.

© 2024 nandimaledirisooriya.com - All Rights Reserved

Website Developed By 360Digital