මනස තුළ රැඳුණු විශේෂ කෙනෙක් සාමාන්‍ය කිරීම.

ආදරය කරන කෙනා ඉවත් වුණාම හෝ වෙනස් වුණාම වේදනාවක් දැනෙන්නෙ ඇයි කියන හේතුව ඔයා දන්නවා නම්, ඒ මොහොත තුළ ඔයාට යම් අවබෝධයක් එනවා තමන්ගෙ මනස තුළ දැන් සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන, ඒ කියන්නෙ..

- දැන් මන් අත් විඳින්නෙ මේ වගේ තත්වයක්.

- මගේ මනස තුළ සිද්ද වෙන්නෙ මේ දේ.

- ඒ වගේම මනස තුළ සිද්ධ වෙන ක්‍රියාවලියට මනෝවිද්‍යාත්මක හේතු.

- අදාල අවස්ථාව තුළ කරන්න අවශ්‍ය මේ දේවල්.

ඉහත කිව්ව කරුණු 4 කෙනෙක් දන්නවා නම්, ඒ මොහොත තුළ එයාට පුළුවන් අමාරුවෙන් හරි ඊට ගැළපෙන දේවල් අනුගමනය කරලා ඒ වේදනාවෙන් සහ ඇබ්බැහි වීමෙන් ගොඩ එන්න.

ගොඩක් තරුණ අය තමන් ආදරය කරන හෝ ආස කරන කෙනෙක් තමන්ගෙන් ඉවත් වෙන, වෙනස් වෙන මට්ටමට ආවම, ඒ අයගෙ මනස බොහෝ විට වැඩ කරන්නෙ වැරදි තීරණ ගන්න පැත්තට. ඒ කෙනාව පොළඹවන්නෙ හැඟීම් මතින්. ඒ ඇයි කියල මම කලින් ලිපි වල කතා කලා වගේම ඊට අදාල මනෝවිද්‍යාත්මක කරුනු මන් පැහැදිලි කලා.

ආදරය කරපු, ඇබ්බැහි වෙලා ඉඳපු කෙනෙක්ගෙන් ඉක්මනින් ඉවත් වෙන්න නැත්නම් අමතක කරන්න අපහසු වෙන්න ඔයා හිතට ඔහු හෝ ඇය ගැන දීපු මතක, හැඟීම් ප්‍රමාණය හා ඊට අදාල කාල සීමාව බලපානවා. වේදනාවද ඊට සාපේක්ෂව සමාන වන ප්‍රතිශතය වැඩියි. ඇතැම් විට "මම මේක ඇත්තට කරන්නෙ නෑ" කියන මානසිකත්වයෙන් හිටියත් එහෙම හිතන කෙනාටත් මේ මානසිකත්වය වෙන් වීමකදි, වෙනස් වීමකදි බොහෝ විට දැනෙනවා. මොකද එයා නිකන් එහෙම සරලව හිතුවත් තමන් දැන හෝ නොදැන මනස තුළ තොරතුරු, හැඟීම් නිති පතා ගබඩා වීම සිද්ධ වෙන නිසා.

මේ නිසා එයා අපිට අනවශ්‍ය කෙනෙක් වුණත්, නොගැළපෙන කෙනෙක් වුණත් එහෙම කෙනෙක්ගෙ වෙන් වීමකදි පවා මේ ඇබ්බැහි වීම නිසා වන වේදනාව බොහෝ විට ඇති වෙනවා. එතකොට සමස්ථයක් විදියට ගත්තම, යම් පැහැදිලි අරමුණක් ඇතිව ඇත්තට කරන සබඳතාවක් නිසා හා මන් කලින් කිව්වා වගේ නිකන් ආශ්‍රය කරනවා කියන මානසිකත්වයෙන් කරන බැදීම් කියන මේ දෙකේදිම වෙන් වීමක් හෝ වෙනස් වීමක් සිද්ධ වෙනකොට වේදනාවක් දැනෙන ප්‍රතිශතයක් පවතිනවා. ඒ කියන්නෙ, මොනවා හෝ විශේෂත්වයක් නිසා ඇබ්බැහි වීමේ ප්‍රතිශතයක් කලින් තිබිලා තියනවා

වෙනස නම්, යම් අරමුණක් වෙනුවෙන් කැප වෙලා අදරය කරලත් ඒ කෙනා ගියාම, වෙනස් වුණාම දැනෙන වේදනාව බොහෝ විට අධිකව බලාත්මක වෙනවා. හේතුව ආශාව පදනම් කරගෙන නොලැබුණු දේ සමගම, ඇබ්බැහි වීම සහ දීර්ඝකාලීනව ගොඩනගාත් සත්‍ය බලාපොරොත්තු බිඳ වැටීමක් සිද්ධ වන නිසා.

ඒ වගේම තමන්ට මේ දේ කරන්න බෑ මේක නොගැළපෙනවා යන මතයේ හිටියොත් ඒ කෙනා වෙන් වීමෙන් අධික වේදනාවක් දැනුනත් ඔයාට ඒක පාලනය කර ගන්න යම් ප්‍රමාණයකට පහසුයි. නමුත්, ඒකත් යම් තැන් වලදී අධික වේදනාවක් වෙන්න පුළුවන්. ඒ ඇබ්බැහි වීම නිසාමයි.

කොහොම වුණත්, අවසානයේ මේ වේදනාවෙන් පෙලෙන කෙනෙක්ට සාර්ථකව කරන්න පුළුවන් මූලිකම ප්‍රායෝගික පුහුණු කිරීම් තමයි මම කතා කරගෙන යන්නෙ.

මුල්ම පියවර තමයි ඔයාගෙ හිතත් සමග ඇති කර ගන්න එකඟතාවය

එයා එක්ක තියන අත්දැකීම් ප්‍රතිශතයක් විදියට ගත්තම, මට වැඩිපුර ලැබුනෙ Negative හෝ Positive දේවල්ද කියන දේ කල්පනා කිරීමෙන් (මේකට පවුල් පරිසර වල බලපෑම් ආදී දේවල්ද මූලික වෙන්න පුළුවන්) ඇත්තටම මට වැඩි ප්‍රමාණයක් වෙන්නෙ, වෙලා තියෙන්නෙ සිත් රිදවීම් සහ ජීවිතය ක්‍රමානුකූලව විනාෂ වීම කියන එකඟතාවය තමයි මුල්ම දේ.

ශාරිරික වේදනාවකට වඩා මේ හිතින් ඇති කරන වේදනාව ඉතාම දරුණුවට බලපානව. මොකද, ඒ වේදනාව වගේම අපේ ජීවිතයේ සම්පූර්ණ පාලනය අඩාල කරන්න මේ දේට පුළුවන් නිසා. ඉතින් ඔයා Breakup එකකින් පස්සෙ කලින් කිව්ව එකඟතාවයට එනවා නම්, ඔයාට පුළුවන් ඊලඟ Step එක " No Contact" එනම් කායිකව සහ මානසිකව සම්පූර්ණ ඉවත් වී සිටීමේ කාල සීමාවකට එන්න.

No Contact Rule

ඔයා ඒ එකඟතාවය පැමිනියා නම් ඊලඟ දේ තමයි, එයාගෙ සීමාවෙන් ඉවත් වෙන එක. එයාගෙ කිසිඳු තොරතුරක් ඔයාගෙ මනසට නතු වෙන්නෙ නැති තරම් දුරට යන එක.

  • හරියට සබඳතාවය අවසන් කරලා ඒ පනිවිඩය (Acceptance) මනසට ලබා දිය යුතුයි.

  • Photos , Massages ඇතුළු එයාව මතක් වෙන්න තියන සියළු කුඩා දේවල් පවා ඉවත් කල යුතුයි.

  • එයා ඔයාට දීපු දෙයක් තියනවා නම්, ඒ සියල්ල ඉවත් කල යුතුයි. (Visible Reminders)

  • Social Media වලින් සොයා බැලීම, Last Seen Follow කිරීම නොකළ යුතුයි.

  • ඔහුගේ හෝ ඇයගේ යහලුවන්ගෙන් හෝ ආශ්‍රිතයන්ගෙන් කරන එයා ගැන සොයා බැලීම නැවැත්විය යුතුයි.

  • Contact කරන විදි සියල්ල ඉවත් කල යුතුයි.

  • ඔහු හෝ ඇය ගැන, ඒ සිදුවීම් ගැන Positive හෝ Negative දේවල් කතා කිරීම සිද්ධ නොකළ යුතුයි.

ඔයාට පුළුවන් මේ Procedure එක ලේසි විදියට කරන්න. ඒ කියන්නෙ ඔයාට එයාව Follow කරන්න හිතෙයි කියන හැඟීමක් තියනවා නම්, එයාව Block කිරීම Numbers වෙනස් කිරීම ඇතුළු විවිධ ක්‍රම වලින් මේ No Contact ඉන්න කාල සීමාව තව ඵලදායී කරන්න අවශ්‍යයි.

මේ විදියට එයාගෙ රාමුවෙන් සම්පූර්ණ ඉවත් වෙලා අවම වශයෙන් දින 30 ක් ඔයා ඉන්න අවශ්‍යයි. ඒ කාල සීමාව තුළ සම්පූර්ණ ඔයා වෙනස් වෙන දියුණු වෙන, කායික මානසික සෞඛ්‍ය වර්ධනය වන අලුත්, වෙනස් දේවල් සිද්ධ කරන්න අවශ්‍යයි.

සරලවම මේ තුළ මොක්කද සිද්ධ වෙන්නෙ ?* (Psychological Effection)

ඔයා දැන් එයාට ඇබ්බැහි වීම තුළ එයා මොන විදියේ පුද්ගලයෙක් වුණත් එයාගෙ අවශ්‍යයතාවය දැනෙනවා. ඒ ඔයා හුරු වෙලා ඉන්න සැලැස්මෙහි ස්වාභාවය. හේතුව, ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය සාදකයත් විදියට එයාට ආවේනික (Unique) විදිය මනසට කා වැදිම නිසා.

ඉතින් දැන් ඉන්න සැලැස්ම තුළ ඔයා ඉන්න තාක් කල් දුකක් විතරයි. මොකද, ඔයා ඒ සැලැස්ම තුළ ජීවත් වුණාට ඒ අදාල කෙනා වෙනස් වෙලා නම්, ඔයාගෙ ඇබ්බැහි වීමට අවශ්‍යය සැපයුම ලැබෙන්නෙ නෑ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට මනස විඩාවට පත් වෙනවා. මේක දුර දිග යන කොට.

  • මානසික රෝග.

  • මානසික තත්ව නිසා හටගන්නා කායික රෝග.

  • විනාශකාරී සිතුවිලි.

  • සියදිවි හානිකර ගැනීමේ සිතුවිලි.

වගේ අවසන් සංකීර්ණ දේවල් පවා ඇති වෙන්න පටන් ගන්නවා.

හිතන්න මේ කොහෙවත් ඉඳන් ළං වුණු, ළං කරගත්ත කෙනෙක්, හොඳින් ජීවත් වෙන්න පුළුවන්, හොඳ අනාගතයක් තියන තවත් කෙනෙක්ගෙ ජීවිතයට කොච්චර බලපෑමක් සිද්ධ කරනවද කියලා.

හරියට ජීවත් වෙනවද, මැරෙනවද කියන දේ තීරණය කරන සාධකයක් වගේ.

මේ කාල සීමාව තුළ ඔයා නොදැනම හිත පුහුණු කරලා තියෙන්නෙ එයා එක්ක, එයාගෙ හැගීම් එක්ක ජීවත් වෙන විදියට. ඉතින් අන්න ඒ දෙයින් ගැළවිලා හිත ඒ පුරුද්දෙන් ගළවන්න තමයි මේ No Contact Rule එක භාවිත කරන්නෙ. ඒ ඇබ්බැහි වීමෙන් ගැළවෙනවා කියන්නෙ වේදනාවත් එහෙම ම නැති වෙනවා සහ ඊට අදාල Negative Feelings ඔක්කොම ඒත් එක්කම අඩු වෙලා යනවා.

මේක දින 30 ක් අවම වශයෙන් කරන්න අවශ්‍යයි. මෙම කාල සීමාව තුළදි, ඔයා කිසිම බැඳීමක් තියා ගන්නෙ නෑ. දැන් ඔයා කරන්න ඕන මේ කාල සීමාව තුළ ඔයා ආස කරන දේවල් සහ, ඔයාගෙ දියුණුව ගැන හිතන එක. වෙනස් දේවල් කරන එක. ඔයාගෙ සාමාන්‍ය වැඩ කටයුතු වගේම අනිත් වෙලාවන් ඔයා යොදවන්න ඕන කායික සහ මානසික සෞඛ්‍ය වර්ධනය වන මම කලින් කිව්වා වගේම ඔයා දියුණු වන, වෙනස් වන වැදගත් දේකට. උදාහරණ විදියට,

  • හොඳ Healthy අහාර රටාවක් අනුගමනය කරන්න.

  • Gym එකක Work Out කරන්න.

  • Instrument එකක් Paly කරන්න.

  • Artz කරන්න පුළුවන්.

  • හිත Relax වෙන, Motivate වෙන Movies, Songs බලන්න අහන්න යොමු වීම.

  • අලුත් යාලුවො ඇති කර ගන්න. (එයාට සම්බන්ධ නැති.)

  • Sports කරන්න.

  • ලස්සනට ඉන්න, අලුත් Fashions කරන්න.

  • ඉගෙනීම් කටයුතු හොඳින් කරන්න.

  • තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කර දියුණු කරන්න.

මේ උදාහරණ කිහිපයක්, ඔයාට ඔයාගෙ සහජ හැකියාවන් ගොඩක් ඇති. මීට අමතරව ඔයාගෙ හිත වෙනත් මගකට ගෙනියන ඔයාට Improvement එකක් Satisfaction එකක් ලැබෙන ඕනම දෙයක් කරන්න. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම්, ඒ දේවල් තවත් හොඳට කරන්න, මග හැරුණු දේවල් අලුතින් පටන් ගන්න. අනිත් වෙලාවට මේ වගේ දෙයක් කරන්න. හැම වෙලේම මනසට අලුත් දේවල් ලබාදෙන්න. විවේක ගන්න.

එතකොට සිද්ධ වෙන්න, ඔයාගෙන් ඈත් වෙලා ඉන්න හෝ නොගැළපෙන නිසා ඔයා විසින් ඈත් කරපු කෙනා ගැන තියන තොරතුරු නැත්තන් මතක හා හැඟීම් ටික ටික අඩු වීම. ඒක නොදැනෙන තරම්. මොකද මනස දැන් සැලසුම් වෙලා තියෙන්නෙ එයාගෙ තොරතුරු එක්ක. ඒ දේ නතර කරන එක තමයි No Contact වලින් කරන්නෙ. ඒ වගෙම හිතට අලුත් දේවල් ඔයා දෙනවා. හිතන්නෙ නැතුව කිසි දෙයක් කරන්න බෑනෙ. ඉතින් හිත මේ දේවල් වලට දින පතා යොමු වෙනකොට නිරායාසයෙන්ම ඔයා අර Negative Feeling වලින් අයින් වෙනවා. Improvement එකට දේවල් කරන්නෙ අපේ මනස වෙනම සැලස්මකට හුරු කරන්න අවශ්‍ය නිසා. ඔයා දියුණුවට දේවල් කරන කොට හිත ඒ ප්‍රථිපල වලට අවධානය දෙනවා. ඒකෙන් ආත්ම ශක්තිය වැඩි වෙනවා. ඒකත් එක්කම ඇබ්බැහි වීම සහ Negative Thoughts ඉවත්වීම ඉක්මනින් ශක්තිමත්ව සිද්ධ වෙනවා.

එකඟතායෙන් පසුව මේ සියල්ල සාර්ථකව සිද්ධ කරන අතර වාරයේ, යම් වෙලාවක ඔයාටම දැනේවි දැන් එයාව මතක් වුණාට වැඩි ගානක් නෑ. කේන්‍ති යන්නෙ නෑ. ඇඬෙන්නෙ නෑ. පපුව පිච්චෙන ගතිය එන්නෙ නෑ. ඒ වෙනකොට හිත ඒ Feelings වලින් ගොඩක් දුරට ඉවත් වෙලා. ඒ වගේම ඔයාට කලින් නොදැනුණු ඔයාගෙ ජීවිතයේ සතුට දැනෙන්නත් පටන් ගන්නවා. ඒ දවස වෙනකන් මේ දේවල් කරන අතර වාරෙදි ඔයාට ඇඬෙයි, කේන්ති යයි, එයාට කතා කරන්න හිතෙයි, තව එක දෙයක් කියන්න තියනවා කියලා එයාව Contact කරන්න හිතෙයි.

ඉවසන්න.

හිතට එන කිසිඳු හැගීමකට මේ කාලසීමාව බිඳින්න දෙන්න එපා. විවිධ ක්‍රම වලින් සිතුවිලි මග හරින්න.

වේඳනාව හෙට වෙද්දි නැති කරන ඉක්මන් ක්‍රම නෑ. තුවාලයක් වුණත් හොඳ වෙන්න කල් යනවා. කල්පනා කරන්න මේක කලොත් ඒ සැනසීම ජීවිත කාලයටම ස්ථිරයි. අධිකව හිතට වද දෙන වෙනස් වෙන මිනිස්සුන්ගෙන් දැනෙන සැනසීම තාවකාලිකයි. නැවත නැවතත් ඔයා වැටෙන්නෙ එකම දුක් ගින්නටමයි. ඒ විෂ සහිත මිනිස්සුන්ගෙ ස්වාභාවය. එවැනි අයට ඇබ්බැහි වීම ජීවිතය එපා කරවන තරම් දුකක්.

ඔයා දුක් විඳින්නම මේ ලෝකයට ආවෙ නෑ. ඔයාට දැනෙන වේදනාව ඔය විදියට එයාට හෝ වෙන කිසිම කෙනෙක්ට දැනෙන්නෙ නෑ. ඔයා සුවපත් වීම, ඒ සැනසීම ඔයාටයි. ඒක අත් විඳින්න අයිතියක් ඔයාට තියනවා. මිනිස්සු වෙනුවෙන් ඒ දේ කැප කරන්න අවශ්‍ය නෑ. විශේෂයෙන්ම අනවශ්‍ය නොගැළපෙන, Toxic මිනිස්සු වෙනුවෙන්.

ඔයා ඉන්නෙ කොතනද ? වෙනස් වෙන්න ඕන මොනවද ? ඔයා යන්න ඕන කොතනටද ?

හිතන්න..

තවමත් බොහෝ දේ වෙනස් කරන්න පුළුවන්.

- නන්දිමාල් එදිරිසූරිය

Nandimal Edirisooriya

I am Nandimal Edirisooriya, Sri Lanka's first and only Relationship & Breakup Expert, also known as a Relationship & Breakup Coach. I provide psychological insights to help individuals quickly overcome the pain of relationship challenges.

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.


© 2024 nandimaledirisooriya.com

All Rights Reserved

Website Developed By 360Digital

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.

© 2024 nandimaledirisooriya.com - All Rights Reserved

Website Developed By 360Digital