එයාව දැනෙන්න කලින් හිතන්න.

ඔහු හෝ ඇය ගැන බලාපොරොත්තු ඇති කර ගැනීමේ පළමු පියවර ඉදිරියට ඇති වසර ගනනාවක් ඇතැම් විට ජීවිත කාලයම වෙනස් කරන ඒ තීරණාත්මක පියවර වෙන්න පුළුවන්. ඒක අනාගතයට හොඳ විදියට වෙනවා නම් ඇත්තටම ඒ මොහොත වටිනවා. හැම විටම, හැම කෙනෙක්ටම එහෙම වෙන්නෙ නෑ ඒක තමයි යථාර්ථය.

හැඟීම් සහ ආකර්ෂණය නිසා ඇති වන ක්‍රියාවලිය එක් අයෙක්ට තමයි මුලින්ම ඇති වෙන්නෙ. පසුව ඔහු හෝ ඇය කරන්නෙ තමන් ළං වෙන්න කැමති ඒ ආදල කෙනාටත් මේ දේ අඟවලා, ඔහු හෝ ඇය සමග මේ බැඳීම කියන දේ ගොඩ නගාගන්න එක. ඇතැම් විට අඩු වැඩි වශයෙන් දෙදෙනාටම එක වර මේ දේ දැනෙන අවස්ථාද තියනවා.

ඉතින්, මෙහි වැදගත්ම දේ තමයි ඇත්තටම ඔයාට කෙනෙක් ගැන කැමත්තක්, ඕන කියන හැඟීමක් දැනුනට එයාට ඒ ඔයාට දැනුන විදියට ඒ මොහොත තුළ නොදැනෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඒ හැඟීම දැනෙන මොහොතෙම ආදරය හා ආකර්ෂණය නිසා ඔහු හෝ ඇය ගැන ඇති වන අභ්‍යන්තර ක්‍රියාවලිය සුළු වශයෙන් හෝ ආරම්භ වෙනවා. ඉතින්, ඒ මොහොතෙ ඉඳන් මනස යම් ආකාරයක බලාපොරත්තුවක් තියා ගන්නවා ඒ කෙනා සත්‍ය වශයෙන්ම ළං වීම හා ඊට අදාල ඉතුරු ක්‍රියාවලීන් ආරම්භ කරමින් ඔයාගෙ ජීවිතය ඒ බැඳීමෙහි අත්දැකීම දෙන්න. මේ අවස්ථාව තුළ ඒ දැනෙන විදිය නැත්නම් මම මේ පැහැදිලි කරපු ක්‍රියාවලිය සාමාන්‍යය කතාවෙදි "Crush වෙනවා කියල හඳුන්වනවා". ඒ ඉහත කී අභ්‍යන්තර ක්‍රියාවලියේ අරම්භය නිසා.

ඊළඟ අරමුණ තමයි ඔහුට හෝ ඇයට මේ පිළිබද ඇඟවීම හා කුමන ආකාරයෙන් හෝ තමන් සතු කරගන්න පෙළබවීම. නමුත් මෙම ක්‍රියාවලිය හැම කෙනාම එකම විදියට සිද්ධ කරන්නෙ නෑ. ඒකට හේතු කිහිපයක් බලපානව.

ඇතැම් අය මේ Crush කියන මට්ටමේ හැමදාම ඉන්නවා. සරලවම හිතින් යම් කැමැත්තක් බලාපොරොත්තු ටිකක් ගොඩ නගාගෙන ඉන්න මට්ටම. ඔවුන් ප්‍රකාශ කරන්නෙ හෝ අදාල කෙනාට දැනෙන ඇඟවීමක් කරන්නෙ නෑ. ඒකට විවිධ හේතු එයාට තියෙන්න පුළුවන්. ඒ නිසා ඇතැම් විට ඔහු හෝ ඇය විසින්ම යම් කිසි උත්සාහයක් දරලා ඒ කෙනා ගැන ඇති වන හැඟීම යටපත් කරමින් තමන් ස්වයං පාලනයෙන් කටයුතු කරනවා.

ඇතැම් අය ඒ විදියට ඒ අදාල කෙනාට තමන් ආදරය බව අඟවන්නෙ නැතුවම ඔහු හෝ ඇය ගැන බලාපොරොත්තු ගොඩක් ඇති කර ගන්නවා. ඉතින් මේ අවස්ථාව ගොඩක් Serious. මොකද, මන් කිව්ව විදියට අපිට කෙනෙක් ගැන ආකර්ෂණයක්, බලපොරත්තුවක් ආව පමනින් අපිට අපව පාලනය කර ගැනීමට නොහැකිවන අන්දමේ අභ්‍යන්තර ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නෑ. ඒක සිද්ධ වන්නෙ සුලු වශයෙන්. නමුත් ඒ කෙනා ළඟ නැතුවම සත්‍ය බැදීමක් වගේ ඕනවට වඩා බලපොරත්තු හීන, ආසාවන් දිගු කාලීනව ගොඩ නගා ගැනීමේදී හිත මම පෙර කී ක්‍රියාවලිය Continue කරනවා. මොකද, මනසට නිති පතා ඔයා පණිවිඩ දෙනවා "දැන් හරි එයා මන් එක්ක ඉන්නවා" හා සමාන විදියට. ඉතින් ඔයාට නොදැනීම මනස අර ක්‍රියාවලිය ආරම්භ කිරීම සහ Continue කිරීම සිද්ධ කරනවා. නමුත් යථාර්ථය තුළ ඇත්තටම බැඳීමක් නෑ.

මෙවැනි අවස්ථාවක ඔයාට අධිකව උත්සාහ දැරීමට සහ හිතින් පීඩා විඳීමට සිද්ධ වෙනවා. ඒ තමන් තුළ ඇති ඒ අදාල කෙනාගෙ දැඩි අවශ්‍යතාවය නිසා. ඉතින් මේ වෙලාවෙ ඉඳන් සත්‍ය වශයෙන්ම ස්වයං පීඩනයක් හා විඳවීමක් ආරම්භ වෙනවා. අඩුම ඒ කෙනා රවල බැලුවත් ලොකු දුකක් විඳින මට්ටමට සමහරු පත් වෙනවා. හැබැයි මුල් අවස්ථාවෙදිම මේ දේ පාලනයෙන් සිද්ධ කලා නම්, මේ විදියෙ දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. ඉතින් මම මේ පැහැදිලි කරපු ක්‍රියාවලිය නැත්නම් Crush වෙනවා කියන දේ පහත විදි වලින් සිද්ධ වෙන්න පුළුවන්.

  • තමන්ට වඩා වයසින් ඉතා වැඩි කෙනෙක් ගැන.

  • යම් කිසි මාධ්‍යකින් නිති පතා දකින ආස කරන කෙනෙක් ගැන.

  • තමන්ට වඩා වයසින් අඩු කෙනෙක් ගැන.

  • තමන් ආස කරන හැඩරුවක්, කඩහඬක් සහිත කෙනෙක් ගැන.

  • මොහොතක දැනෙන කෙනෙක් නිසා, ඒ මොහොත තුළ දැනෙන හැඟීමක් නිසා.

  • ළඟින් කතා බහ කරන යාලුවෙක් හෝ වෙනත් කෙනෙක් ගැන.

  • ඇතැම් විට විවාහ වූ කෙනෙක් ගැන.

මේ උදාහරණ වශයෙන් පෙන්නපු කරුණු කිහිපයක් පමණයි. මෙම අවස්ථාවන් තුළින් කෙනෙක්ට Achive කරන්න අමාරුයි කියලා දිගු කාලීනව හිත පිළිගත්ත කෙනෙක් සඳහා ඇතිවන හැඟීම් උඩු දුවන්න නොදී යම් සීමාවකට අදාල වෙන විදියට මනස විසින් ස්වයංක්‍රීය බාධක ඇති කරමින් පාලනය කරනවා. ඉහත කරුණු දිහා බැලුවම, සමහර තැන් තමන් ආස වුණත් බැඳීමක් ඇති කරගන්න බැරි ප්‍රායෝගික නොවන අවස්ථාවන් වෙනවා. උදාහරණ විදියට යම් හැඟීමක් විවාහ ගිවිසගත් කෙනෙක් ගැන ඇති වුණොත් ඒක ප්‍රායෝගිකව කළ නොහැකි මට්ටමේ තමයි වැඩි ප්‍රතිශතයක් පවතින්නෙ.

මෙහෙම අවස්ථා සඳහා බොහෝවිට මනස මුල සිට පාලනය කිරීමේ උපක්‍රමය ස්වයංක්‍රීයව ආරම්භ කරනවා. ඒ නිසා එවැනි සිදුවීම් තමන්ගෙ පාලනය බැහැර වෙන විදියට ගැඹුරට යන ප්‍රවනතාවය ඉතා අඩුයි. නමුත් යම් ප්‍රවනතාවයක් නැතුවම නෙමෙයි. විවාහයක් තුළ ඉන්න අයට ඇබ්බැහි වීම නිසා, එතනින් ගැළවෙන්න බැරුව ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඒ අනවශ්‍ය විදියට, ඉදිරියට මොනවා වුණත් තමන්ට දැනෙන හැඟීම දිගු කාලීනව විඳින්න ගිය අය සහ ඊට ඇබ්බැහි වුණු අය.

අපිට Achive කරන්න, ළං වෙන්න 80% කට වඩා වැඩි හැකියාවක් ඇති අය සඳහා තමයි මම මුලින් පැහැදිලි කරපු ක්‍රියාවලිය බොහෝ විට ආරම්භ වෙන්නෙ. ඒ ඔහු හෝ ඇය මුල් අවස්ථාවෙදිම ඒ දේ පාලනය කලේ නැත්නම් පමණයි.

මෙම මාතෘකාව මන් කලින් ලිපි වල කිව්ව ප්‍රධානම කරුණු ආරම්භ වන එක් ආරම්භයක්. ඒ නිසයි මේ ගැනත් යම් පැහැදිලි කිරීමක් අත්‍යාවශ්‍ය වන්නෙ. විශේෂයෙන්ම තරුණ පිරිසට. මොකද, පළමු අවස්ථාවෙදිම අපි ගන්න තීරණයක් ජීවිතයේ අදියර ගනනාවකටම හෝ මුලු ජීවිතයටම දැඩි සෘණාත්මක බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ අවබෝධය ඉතාම වැදගත්.

ඇතැම් විට කිසිම වටිනාකමක් නැති දෙයක් නිසා කෙනෙක්ගෙ ජීවිතයට දීර්ඝ කාලින බලපෑමක් සිද්ධ වෙනවා නම්, එය ඉතාම දුක්බර වේදනාවන්ගෙන් පිරුනු නිකරුණේ වැය වෙන කාලයක් වෙනවා. නමුත් ඔයා ඔයාව හැම සිදුවීමකදීම අධ්‍යනය කරනවා නම්, සහ ඊට අදාල ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලීන් මුල සිට සිද්ධ කරනවා නම්, එවැනි අවස්ථා මග හැර යන්න ඔයාට පුළුවන් වෙනවා.

මේ දේවල් ඇතැම් විට ඔයාගෙ ජීවිතයේ අත්දැකීම් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගෙ ළඟම කෙනෙගෙ ජීවිත අතැකීමක් වෙන්න පුළුවන්. ඒ වගේම යම් කෙනෙක් ඉදිරියට අත්විඳින්න තියන දෙයක් වෙන්න පුළුවන්. දුක් විඳින කාලය අඩු කරලා, සතුටින් ඉන්න කාලය වැඩි කර ගන්න හැම මොහොතකම තමන් ගැන අවධානය තියාගෙන, හැඟීම් සහ බැඳීම් ගැන අවබෝධයෙන් ඉන්න.

- නන්දිමාල් එදිරිසූරිය

Nandimal Edirisooriya

I am Nandimal Edirisooriya, Sri Lanka's first and only Relationship & Breakup Expert, also known as a Relationship & Breakup Coach. I provide psychological insights to help individuals quickly overcome the pain of relationship challenges.

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.


© 2024 nandimaledirisooriya.com

All Rights Reserved

Website Developed By 360Digital

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.

© 2024 nandimaledirisooriya.com - All Rights Reserved

Website Developed By 360Digital