ආදරය සබඳතාවක මානසික විග්‍රහය.

ඕනම කෙනෙක් ආදර සබඳතාවක් (Love Relationship) එකක් පටන් ගන්නෙ ගෙවන සාමන්‍ය ජීවිතයට අලුත් අත්දැකීමක් ලබා ගැනීම, ආදරයක අවශ්‍යතාවය සපුරා ගැනීම සහ අසාවත් නිසා. මොකද, යම් කාල සීමාවක් තුළදි මනස ඊට අදාල රසායනික ක්‍රියාවලීන් ආරම්භ කරන නිසා. යම් විටක වෙන අය ආදරය කරනවා දකිද්දි තමන්ටත් ඒ අවශ්‍යතාවය මතු වෙනවා. ඒ වගේම අපි දකින හෝ පොඩි කාලෙ ඉඳන් කැමති විදියෙ හැඩරුවක් ගැන නැත්නම් අපිව ළඟින් ආශ්‍රය කරන හෝ නිතර දකින්න ලැබෙන කෙනෙක් සමග වුණත් මේ දේ ඇති කරගන්න හිත පෙළබවීම් සිද්ධ කරන්න පුළුවන්. ඒ පෙර කී ක්‍රියාවලිය ආරම්භ කරලා ඒ අවශ්‍යතාවය හා අත්දැකීම ජීවිතයට ලබා දෙන්න.

පිටින් නොපෙනුනාට හැම කෙනෙක්ම විවිධ කාල සීමාවන් තුළදි, මේ අවශ්‍යතාවයෙන් පසු වෙනවා. නමුත්, ඔවුන්ට හමුවන ඕනම කෙනෙක් එක්ක ඒ දේ ඇති කරගන්නෙ නෑ. එහෙම අහඹුවකින් හමුවෙන කෙනෙක් තමන්ගෙ හිතේ තියන, තමන් බලාපොරොත්තු වෙන විදියට වඩා වෙනස් නම් බැඳීමක් ඇති කර ගත්තත් ඉක්මනින් ආකර්ෂණය බිඳ වැටෙන්න තියන හැකියාව වැඩියි. ඒ වගේම එවැනි සබඳතා ස්ථිර වන අවස්ථාද නැතුවම නෙමෙයි. බොහෝ විට ඔවුන් මනස තුළ ඇති කරගත්ත හැඩරුවක් හා ගති ලක්ෂණ පවතිනවා. නැත්නම්, ඇතැමුන් ඔවුන්ට දැනෙන ඇතුලාන්තයක් ඇති අයට හා කතා විලාශය හැසීම හෝ අනපේකෂිත පෙළඹවීම්, විශ්වාස‍ය පදනම් කරගෙන මේ දේ ගොඩ නගාගන්නවා. ආරම්භය කොහොම වුණත් කාලයත් සමග කුමන හෝ හේතුවක් පදනම් කරගෙන ඒ අදාල කෙනාට තමන් නොදැනුවත්වම ඇබ්බැහි වීම සිද්ධ වෙන්න පුළුවන්.

ආරම්භයේදි කවුරුවත් හිතන්නෙ නෑ, යම් විදියකින් මේක නවතින තත්වයකට ආවොත් තමන්ට ඒ අවස්ථාව කොහොම දැනෙයිද සහ තමන් කොහොම ඒ අවස්ථාවට මුහුණ දෙයිද කියලා. මොකද, නොදැනීම ඇබ්බැහී වීමක ඉද්දි අවසානය මුලින් දැනෙන විදිය නෙමෙයි. ඇතැම් විට ඔවුන්ට ඒ ගැන දැනීමක් තියෙන්න පුළුවන් නමුත් ඒ අවස්ථාවට මුහුණ දෙන්න කොච්චර අමාරුද කියන එක මුලදි හරියටම දැනෙන්නෙ නෑ. විශේෂයෙන්ම පාසල් වයසෙ හෝ මුලින්ම ආදරයක් පටන් ගන්න කෙනෙක්ට මේ ගැන දැනීමක් ඇත්තෙම නෑ.. "Boot කනවා, විඳවනවා" කියන වචන අහල තිබුනට ඒ අත්දැකීම කොහොමද කියලවත් අදහසක් නෑ.

පළවෙනි සබඳතාවය හෝ ඊට පසු ඇති කර ගන්න සබඳතා වලින් වුණත් Breakup එකක් සිද්ධ නොවීම ඒ හා සමාන වේදනාවන් විටින් විට දැනෙන්න පුළුවන්. ඒ මෙවැනි අවස්ථාවන් වලදි,

  • Text වලට reply නැති වෙන කොට.

  • Calls Answer නොකරන කොට.

  • Line busy වුණාම.

  • දිනපතා බලපොරත්තු වෙන Text එකක් නොළැබුනාම.

  • කතාබහේ වෙනස්කම් ඇති වුණාම.

  • තමන්ව මග හරිනවා වගේ දැනුනම.

  • වෙනත් විරුද්ධ ලිංගිකයන් සමග ළඟ සබඳකම් පවත්වන විට.

  • හැසිරීමේ ඇති අනපේක්ෂිත වෙනස්කම් සහ අවමන් සහගත කතා විලාශයන්.

  • තමන් බලාපොරොත්තු වෙන ආදරය , ආරක්ශාව නොසිතූ වෙලාවක ඔහුගෙන් හෝ ඇයගෙන් නොලැබී යාම.

  • සැකය.

ඉහත කරුණු නිසා මේ Breakup Pain එක හා සමාන දෙයක් කඩින් කඩ ආදරය කරන සියල්ලන්ම වගේ අත් විඳිනවා. ඒකට හේතුව, අපේ මනස කැමති නෑ තමන්ට එන්න ඕන හැඟීම් බෙදෙනවට. නැත්නම් නවතිනවට හෝ වෙනස් වෙනවට. ඇබ්බැහි වීම වැඩි වෙන්න වෙන්න මේක දරුණු විදියට බලපානවා. දෙයක් සිද්ධ නොවීම සමහරු Over Think කරන්නෙ ඇබ්බැහි වීමේ අධික අවස්ථාවට ආවම. ඒ කියන්නෙ, වෙන්වීමක් නොවීම ඒ කෙනා නැති වුණොත් තමන්ට මොකක් වෙයිද කියන තැනට මනස වැටිලා ඉවරයි.

ඇත්තටම, වෙනස් වෙන්න යන තමන් ආදරය කරන ඔහු හෝ ඇය නැවත තමන්ට අවශ්‍ය මාර්ගයට ආවම වේදනාව අඩු වෙලා තිබුණු මානසික පීඩනය අඩු වෙනවා. ලොකු නිදහසක්, සහනයක් දැනෙන්න පටන් ගන්නවා. මේ Circle එක නිරායාසයෙන්ම මනස තුළ ක්‍රියාත්මක වෙනවා. Toxic Relationship එකක හිටියත් හිතූ පමනින් නවත්වන්න බැරි ඒ පෙර කී ක්‍රියාවලිය නිසා.

මෙහි අවසානම අවස්ථාව තමයි ආදරය කරන කෙනා තමන්ගෙන් වෙන් වෙන බවට ස්ථීර පනිවිඩයක් මනසට ලැබීම. මෙතැන් සිට මේකට මුහුණ දෙන කෙනා සත්‍ය වේදානවක් අත් විඳින්න පටන් ගන්නවා. නමුත් තමන්‍ට සිද්ධ වෙන මේ සියලු ක්‍රියාවලීන් හා අවබෝධයෙන් කටයුතු කරන කෙනෙක්ට මේ දේ ඉක්මනින් අඩු කරගන්න පුළුවන්. ඒ කාලයක් සමඟ එවැනි වේදනාවක් නැති වෙන තරමටම.

මේ හැම දෙනාටම අන්ධ වෙලා (Blind) ඉන්න ස්වාභාවයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නෙ ඔවුන් පසු වෙන්නෙ උමතුවකින්. හරි වැරද්ද තේරුනත් ඇබ්බැහි වීම නිසා නිරායාසයෙන්ම හිතට එන සිතුවිලි මත්තෙම යනවා. සත්‍ය ආදර සබඳතාවක ඉන්න 80% කට වැඩි පිරිසක් මේ තත්වයට පත් වෙනවා. ඇතැම් අය තමන්ගෙ ජීවිතය කොපමන විනාශ වුණත් ඔහු හෝ ඇය මත්තෙම යනවා. ඇත්තටම හිත ඒකට තමන්ව පොළබවනවා. මන් කලින් කිව්ව විදියටම විෂ සහිත පුද්ගලයන් සමඟ සබඳතා පැවැත්වීමෙන් හොඳ මානසික තත්වයක් තියන ඕනම කෙනෙක් ඒ තත්වයට වැටෙන්න පුළුවන්.

ඒ අනුව බැලුවම මොන විදියේ කෙනෙක් එක්ක වුණත් හැඟීම් වලින් සම්බන්ධ වෙන්න පටන් ගන්න තැන ඉඳන්ම තියෙන්නෙ අධික වේදනා ගොන්නක දරාගැනීමක්. නමුත් මේ දේ ආරම්භයේදී ඔවුන් පසු වෙන්නෙ බොහෝ විට අධික විශ්වාසයෙන්. කිසිම වෙනස් කමක් නොවෙන ආකාරයට. ඒ වගේම අධික කුතුහලය නිසා දැකිය යුතු බොහෝ දේ අවබෝධයෙන් විනිවිද දකින්නෙ නෑ. නමුත් කල් ගතවීමත් සමඟ, දේවල් සාමන්‍යකරනය වීමත් එක්ක අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මිනිස්සුන්ගෙ තියන ඔවුන්වත් නොදන්න වෙනස්වීමේ ස්වාභය සහ වෙනත් සාධක මේ සඳහා හේතු වෙනවා.

මේ දේවල් කියන්නෙ ඔයාට මනසහි ක්‍රියාකාරිත්වය, අනපේක්ෂිත සිදුවීම් වෙන්න පුළුවන් විදි සහ පෙර සූදානම පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙන්න විතරයි. නැතුව ආදරය කරන්න එපා කියන්න නෙමෙයි. මොන විදියෙ කෙනෙක් එක්ක ආදරෙන් ළං වුණත් නිසි අවබෝධයෙන් මේ බැඳීම තමන්ගෙ ජීවිතය ගෙන යන මාර්ගය පිළිබඳ අවධානය තබා ගන්න. විනාශ වෙන ජිවිත රැසක් ඒ විදියට වෙනස් කරන්න පුළුවන්.

ඇතැම් අය නිවැරදි අවබෝධයක් නැතිවම විවාහ වෙනවා. විශේෂයෙන්ම තරුන පිරිස් අධිකව මේ සබඳතා නිසා පීඩා විදිනවා. ඉගෙනීමට දක්ශ අය, පැහැදිලි අනාගතයක් ඇති අය මේ Blindness එක නිසා ඒ සියල්ල නැති කරගන්න අවස්ථා බහුලයි.

ඔයාගෙ කාලය, ශ්‍රමය දුක් වෙන්න වැය නොකරන්න නිසි අවබෝධයෙන් හැගීම් සමඟ ගනුදෙනු කරන්න. නුසුදුසු බැදීමක් නිසා යම් දවසක අතීතය දෙස කඳුළු පිරනු ඇස් වලින් බලන තත්වයට පත්වෙන වැඩ නොකරන්න වග බලාගන්න. මොකද, එහෙම අය විශාල ප්‍රමානයක් දිනපතා උපදේශන වලදි මට හමුවෙනවා.

මේ සිදුවීම් ඇති වෙන්නෙ කොහොමද?, ඒවා හඳුන ගන්නෙ කොහොමද? වෙනස් වෙන කෙනෙක්ගෙ මනසෙහි හැසිරීම, බැඳීම් හා සම්බන්ධ විවිධ අවස්ඨා කළමනාකරණය කරන්නෙ කොහොමද ඇතුළු ආදර සබඳතා හා බිඳවැටීම් පිළිබඳ සියලු දේ මෙම ලිපි වලින් මම කතා කරනවා.

- නන්දිමාල් එදිරිසූරිය

Nandimal Edirisooriya

I am Nandimal Edirisooriya, Sri Lanka's first and only Relationship & Breakup Expert, also known as a Relationship & Breakup Coach. I provide psychological insights to help individuals quickly overcome the pain of relationship challenges.

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.


© 2024 nandimaledirisooriya.com

All Rights Reserved

Website Developed By 360Digital

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.

© 2024 nandimaledirisooriya.com - All Rights Reserved

Website Developed By 360Digital