එයාව අත් හරින්න හිත එකඟ කර ගන්නෙ කොහොමද ?

සත්‍ය ආදර සබඳතාවකින් ඉවත් වීමකදී කායිකව ඒ දේ සිද්ධ කරන්න පුළුවන් වුණත් මානසිකව ඒ දේ පහසුවෙන් සිද්ධ කරන්න බෑ. තනියම ඉඳපු සැලැස්මේ සිට කෙනෙක්ට බැඳුනම, ආකර්ෂණය නිසා ඒ දේ නොකඩවා ලබා ගැනීමත් එක්ක මනස එයා මතින් යැපෙන සැලැස්මකට අනුගත වෙනවා. ඒ සැලැස්මට ඔයා හුරු වෙලා ඉද්දි ඒ කෙනා ඔයාගෙන් ඉවත් වුණොත්, ඔයාට තවත් පැවැත්මක් නෑ වගේ මානසිකත්වයක් හැදෙනවා. නැවත ඒ අදාල කෙනා ඉන්නවා කියන දේ දැනුනොත් හොඳ Confident එකක් එක්ක නැවත මනස සුවපත් වුණා වගේ දැනෙනවා. මෙම ක්‍රියාවලියේ නැත්නම් ඇබ්බැහි වීමේ අවසානයක් නෑ. මෙම චක්‍රය සාමාන්‍ය ජීවිතය කඩා වැටීමේ ඉඳන් යම් කෙනෙක්ගෙ ජීවිතය අවසන් වෙන තැනටම බලපාන අවස්ථා තියනවා.

ඇබ්බැහි වීම මත තමන් බැඳෙන කෙනාට ඇති වුණු ආදරය හා හැඟීම් වලට අදාල අභ්‍යන්තර ක්‍රියාවලීන් එනම් ආකර්ෂණයේ සිට, ඒ ඒ අවධීන් වලට අදාල මොලයේ රසායනික ක්‍රියාකාරිත්වයන් නොකඩවා ක්‍රියත්මක වීමත්, ඒ හරහා මොලය සම්බන්ධව සිදුවන අනෙකුත් අපේ සියලු කටයුතු එක්ක ඒ අදාල කෙනාගෙන් තමන් සපුර ගත්ත දේවල් තව දුරටත් නොළැබෙනවා කියන ස්ථීර පණිවිඩය මනසට ගමන් කිරීමත් සමග තමයි වේදනාවක් ඇති වීම සිද්ධ වන්නෙ. (ඇබ්බැහිවීම | යථාර්ථය ) ඇබ්බැහි වීමක් ක්‍රියාත්මක වුණත් යථාර්ථයේ ඔහු හෝ ඇය කලින් විදියට නෑ කියන ස්ථීර පණිවිඩයත්, එතනදි ක්ෂණිකව ඒ කෙනා ඉවත් වුණාම ඒ වෙනුවෙන් ඇති වුණු පෙර කී අභ්‍යන්තර ක්‍රියාවලිය නැත්නම් මනස හුරු වෙලා තියන සැලැස්ම නිසා නැවත ඒ කෙනා ළං කරගන්න හිත යොදන උපක්‍රම තමයි තමන්ට වේදනාවක් විදියට දැනෙන්නෙ.

ඉතින් මේ බිඳවැටුණු ක්‍රියාවලිය නැවත ඒ අදාල කෙනා නැතුවම සාමන්‍ය තත්වයට ගේන එක තමයි මේ Breakup Pain එකකින් ඒ අදාල කෙනා නැතුවම සම්පූර්ණයෙන් ඉවත් වෙනවා කියන්නෙ. ඒ වගේම ප්‍රශ්න විසඳගෙන තමන් එක්ක හැමදාම රැඳෙන්න පුළුවන් කෙනෙක්ට ඇබ්බැහි වුණාට මේ විදියට ජීවිතයට බලපෑම් සිද්ධ වෙන්නෙ නෑ. මොකද වෙනස්වීම් සිද්ධ නොවන කෙනෙක් නිසා පෙර කී විදියට මනස විඩාවට පත් වීම අවම නිසා.

බැඳීම් කියන්නෙ ආදරය කියලා තමන් හිතන් ඉන්න හැඟීම විතරක් නෙමෙයි. ඒ මත ඇතිවන එයාගෙ ඊට වඩා විශේෂ දේවල් නිසා මේක සිද්ධ වෙනවා. පෙනුම, කතාවිලාශය, එයා අතීතයේ සලකපු විදිය, රැකවරණය, ගරුත්වය, Sexual Attraction ආදී තව ගොඩක් දේවල් මේ තුළ අන්තර්ගත වුණත් ආදරය කියන වචනය පමණක් එළියට දෙන එක තමයි බොහෝ දෙනෙක් සිද්ධ කරන්නෙ.

විශේෂයෙන්ම කාන්තාවකට අවධානය, රැකවරණය, ගරුත්වය ආදිය මනසට දැනෙනවා වැඩියි, ඒ දේවල් හොයවා වැඩියි. ඒ බැඳීමක අදියරයන් වල මොලයේ සිදු වන ක්‍රියාවලීන් පිරිමි කෙනෙක්ට වඩා කාන්තාවකගෙ යම් වෙනසක් ඇති නිසා. ඔවුන් ගොඩක් ඇබ්බැහි වෙන්නෙ මන් ඒ පෙර සඳහන් කල කරුනු වලට. නමුත් පිරිමි කෙනෙක් Sexual වලට දෙන ප්‍රමුඛත්වය වැඩියි. ඒ ඔවුන්ගේ මනස වැඩ කරන විදිය. ඒ නිසාම මේ අනපේක්ෂිත වෙන්වීමකදි Sexual Addiction එකක් ඇති වීම සහ පිරිමි කෙනෙක්ට ඒ පිළිබඳ කාංසාවන් වැනි තත්වයන් ඇති වීමේ ප්‍රවනතාවය වැඩියි.

"බැදීම් වලදි ඇබ්බැහී වීම සාමාන්‍යයි"

එකඟතාවය (Agreement)

වෙන් වීමක් (Breakup), වෙනස් වීමක් වගේ තත්වයකින් ඔයාට Recover වෙන්න අවශ්‍ය වන පළවෙනි කරුණ තමයි මේ එකඟතාවය කියන්නෙ. ඒ කියන්නෙ මේ Relationship එකෙන් තමන්ට ලැබුණු Positive සහ Negative Comparison එක. (සසඳා බැලීම) මොකද මේ වෙලාවෙ කොච්චර වැරදි මතයක ඔයා හිටියත්, හිත ඔයාට ඒකෙ හොඳ වැඩිපුර පෙන්වන්න උත්සාහ කරනවා. ඒ කෙනාගෙන් ඔයාට 99% ක්ම සිද්ධ වුණේ රිදවීම් සහ කඩාවැටීම් වුණත්, එයා Toxic Person කෙනෙක් වුණත්, ඉතුරු 1% න් හරි ඒ බැඳීමෙ තියන Advantages සහ ඔයා වැරැද්දක් කලා, ඔයා අහිමි කරගත්තා කියන දේම තමයි ඔයාගෙ හිත ඔයාට දෙන්න උත්සාහ කරන්නෙ. ඒක බොරුවක් සහ තාවකාලික මානසික තත්වයක්. මොකද ඒ ඔයාගෙන් ගියපු කෙනා මොන විදියෙ කෙනෙක් වුණත්, ඔයා එයාට ඇබ්බැහි වීම නිසා, මනස එයාව නැවත ලබාගෙන ඔයාගෙ අභ්‍යන්තර ක්‍රියාවලිය Back to Normal කරන්න තමයි මේ දේ සිද්ධ කරන්නෙ. ඒක මන් මුලින් කිව්ව විදියට මනස යොදන උපක්‍රමයක්.

මේ අවස්ථාව තුළ එයා කොච්චර වැරදි ඔයාට කළත්, කරලා තිබුනත්, ඔයාට රිදෙන ප්‍රමාණය කොච්චර වුණත්, ඔය දෙන්නා අතර නොගැළපීම් කොපමණ තිබුනත්. ඔයාට දැනෙන්නෙ මෙන්න මේ Negative දේවල්,

  • ඔයා වැරැද්දක් කළා.

  • ඔයා ඉක්මන් වුණා වැඩියි | ඉවසන්න තිබුණා.

  • ඔයාට එයාව නැති වුණා.

  • එහෙම කෙනෙක් ආයෙ ඔයාට ලැබෙන්නෙ නෑ.

  • මොනව වුණත් එයා මට හොද දේවල් කළා, ආදරෙන් සැලකුවා.

  • වෙන කෙනෙක් එයාට ළං වෙයි, එයා එක්ක තෘප්තිමත් වෙයි.

මේ වගේ දේවල් ම තමයි ඔයාගෙ මනසට එන්නෙ. ඒ කියන්නෙ අන්ධ මානසිකත්වය (blindness). ඒ මනසින් සිදුකරන මායාවක් වැනි බොරු දෙයක්. ඉතින් මන් කලින් කිව්ව විදියට ඔයා එකඟ වෙන්න ඕන ඔයාට ඒ කෙනා එක්ක Relationship එක තිබුණු කාල සීමාව තුළ වැඩිපුර ලැබුනෙ හොද දේවල්ද නැත්තන් රිදවීම් හෝ ජීවිතය ආපස්සට අදින දේවල්ද කියන එක සහ අවසානය සිද්ධ වුණේ කොහොමද යන වග.

හොඳට මතක තියාගන්න ඔයාට ඒ බැඳීම තිබුන කාල සීමාවෙදි,

  • විඳවපු ප්‍රමාණ වැඩි නම්,

  • අධ්‍යාපනය කඩාකප්පල් වුණා නම්,

  • ඔයා සතුටින් කරපු වැඩ සියල්ල නැවතුනා නම්, අතපසු වුණා නම්,

  • නින්දා අපහස ලැබුවා නම්,

  • ඔයා කොච්චර හොඳ චේතනාවෙන් කරපු දේවල් වුණත් ඒවයින් ලැබුනෙ හිත් රිදවීම් නම්,

  • ඔයාට අවශ්‍ය ආදරය, දැනෙන ආදරය නොළැබුනා නම්,

  • ඔහුගේ හෝ ඇයගේ පාරිසරික (පවුල් පසුබිම ආදී) බලපෑම් දිගුකාලීනව සෘණාත්මක විදියට බලපෑවා නම්,

ඉහත කිව්ව කරනු වල ප්‍රතිශතය වැඩි නම්, ඔයාට ලැබුණු හොද දේවල් ඊට වඩා අඩු නම්, මේ සියල්ල සාමාන්‍ය ජීවිතයට බලපෑම් කරන ආකාරයට දීර්ඝ කාලයක් පවතිනවා නම්, ඔයා හිටියෙ හෝ ඉන්නෙ නිසැකවම ඉවත් විය යුතු ඔයාගෙ සැනසීම සහ ජීවිතය උදෙසා බොහෝ විට අත්හැරිය යුතු බැඳීමක.

එතකොට එයා ඔයාට කරපු හොද දේවල් | හොද මතක

ඒවට මොකද කරන්නෙ ?

නීතියේදි වුණත් කෙනෙක්ව වරදකරු කරන්නෙ සාධාරණ සැකයකින් තොරව නිගමනයට එළැඹීමෙන්, ඒ සදහා ප්‍රධාන සැකකරුටත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙක් ඉන්නවා. ඒ සාධාරණ සැකයකින් තොරව නිගමනයකට එළැඹෙන්න අදාල තොරතුරු සපයන්න අවශ්‍ය වන නිසා. ඒ කියන්නෙ අවසන් නිගමනය සාධාරණ සැකයෙන් තොරව ලබා දෙන නිසා වරදකරු වුණත් නිවැරදිකරු වීමේ කුඩා ප්‍රතිශතයක් තියනවා.

නමුත් රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න, ඒ සුළු ප්‍රමාණය සැලකිල්ලට ගන්නෙ නෑ. මොකද, ඒක සිද්ධ කරන්න අපහසු කටයුත්තක්.

ඒ වගේම Breakup එකකදිත් මේ වගේම දෙයක් සලකා බලන්න සිද්ධ වෙනවා. ප්‍රතිශතයක් විදියට අපි කල්පනා කරලා අපේ සැනසීම, ජීවිතය, අනාගතය උදෙසා නිගමන වලට එළැඹෙන්න අපිට සිද්ධ වෙනවා වගේම ඒ බැඳීමෙන් ඔයාට වුණු හොඳ දේවල් තියනවා. ඔයා සතුටු වුණු අවස්ථා තියනවා. නමුත් ඔයාට අවසන් තීරණය ගන්න සිද්ධ වෙන්නෙ සම්පූර්ණ බැඳීමෙන් ඔයාගෙ ජීවිතයට සිද්ධ වුණු ධණාත්මක සහ සෘණාත්මක බලපෑම ප්‍රතිශතයක් විදියට අරගෙන. එතනදි මන් කලින් කිව්ව නීතියේ කරුණ වගේම ඔයාට ලැබුණු හොද අත්දකීම් පමණක් සළකා බලන්න බෑ. එහෙම වුණොත් කවදාවත් ඔයාට ඔයාගෙ ජීවිතය හදාගන්න ලැබෙන්නෙ නෑ.

Breakup එකෙන් පස්සෙ Call., Message සිය ගනන් දැම්මත්, නොකා නොබී නිදි මරාගෙන් ඇඬුවත් ඔයා ඉහත කිව්ව සංසන්ධනය ට පැමිනෙන තුරු මේ වේදනාවෙන් මිදෙන්න අවශ්‍ය පළමු පියවර තියන්නෙ නෑ. මාස ගනන් අවුරුදු ගනන් දුක් විඳින මිනිස්සු බිහිවන්නෙ අන්න ඒ නිසයි.

මොන තරම් වේදනාවක හිටියත්, ඒ වේදනාව නැති කරන්න පුළුවන්. ඒකට ඒ කෙනාගෙ වචනයක්වත් අවශ්‍ය වන්නෙ නෑ. අවශ්‍ය වන්නෙ හරි නිගමනය, සැලැස්ම, ආත්මශක්තිය, විශ්වාසය සහ පුහුණුව පමණයි. නිතරම ඔයාගෙ වටිනකම් තේරුම් ගන්න. හැඟීම් වලින් එනම් දැනෙන දැනීමෙන්ම නොව අවබෝධයෙන්, තර්කයෙන් නිවැරදි නිගමන වලට එළැඹෙන්න උත්සාහ කරන්න. නිසැකවම ඔයාට පුළුවන්.

- නන්දිමාල් එදිරිසූරිය

Nandimal Edirisooriya

I am Nandimal Edirisooriya, Sri Lanka's first and only Relationship & Breakup Expert, also known as a Relationship & Breakup Coach. I provide psychological insights to help individuals quickly overcome the pain of relationship challenges.

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.


© 2024 nandimaledirisooriya.com

All Rights Reserved

Website Developed By 360Digital

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.

© 2024 nandimaledirisooriya.com - All Rights Reserved

Website Developed By 360Digital